Saturday, December 7, 2013

ආගම, ආගමික සාහිත්‍යය සහ ආගමික සංස්කෘතිය


දර්ශනය, ආගම, ආගමික සාහිත්‍යය සහ ආගමික සංස්කෘතිය කියන්නෙ එකක් නොවෙයි, 4ක්. ඒක තේරුම් ගන්න බැරි අය තමයි මේව හරි ලොකුවට අල්ලගෙන දඟලන්නෙ. (දෙගොල්ලොම, ආගම් අදහන අයයි, මොකක් හරි අල්ලගෙන ආගම් වලට පහර ගහන්න බලාගෙන ඉන්න අයයි.).

දර්ශනය කියන්නෙ යම් ආගමක අධ්‍යාත්මික හර පද්ධතිය. උදාහරණයක් ලෙසට බෞද්ධ දර්ශනයේ නම් පටිච්ච සමුප්පාදය, චතුරාර්‍ය සත්‍යය වගේ තාර්කික සංකල්ප.

ආගම කියන්නෙ තමන්ගෙ ආගමික ශ්‍රාස්තෘවරයගෙ රූපයක් හදාගෙන වඳින එක. ශ්‍රද්ධාව, විශ්වාස, ඇදහිළි..ඕව අයිති ආගමට. මේක පුළුල් පරාසයක විහිදෙනව. දේව සංකල්පවල සිට බෝධි පූජා, පිරිත් /ගීතිකා, ධාතු වන්දනාව / තැන්පත් කිරීම දක්වා.

ඊළඟට පසු කාලීනව එකතුවෙච්ච ආගමික සාහිත්‍යයක් තියෙනවා. මේවයෙ තියෙන හැම දෙයක්ම ඇත්ත නොවෙයි. එහෙම වෙන්න ඕනෙත් නෑ. සමහර ඒව සුරංගනා කතා වගේ. 

මේක බෞද්ධ සාහිත්‍යය කියල අතිශයෝක්තියෙ අඩුවක් නෑ. උදාහරණයක් ගත්තොත් ජාතක පොතේ මේ වගේ ඒව ඕනතරම් හමුවෙනව.
සත්තු කතා කරනව, සස ජාතකයෙදි ශක්‍රය හාවගෙ රූපෙ හඳේ කොටනව...

අවුල තියෙන්නෙ ආගමික සාහිත්‍යයේ එන සමහර සුරංගනා කතා පොඩි එවුන් නිදිකරවන්න විතරක් පාවිච්චි නොකර ෆුල් සීරියස් ගැනීමයි. මේ ෆැන්ටසිය බිඳින්න එන එවුන් එක්ක තද වෙන්නේ ඒ නිසයි.

තව සමහරුන්ට ආගමකට පහර ගැසුවා කියා සිතාගෙන ස්වයං ආතල් ගන්නත් පුළුවන් වෙන්නෙත් මේ ආගමික සාහිත්‍යයි, ආගමයි, එහි දාර්ශනික හර පද්ධතියයි ඔක්කොම එකයි කියා හිතාගෙන ඉන්න නිසා. ආගමික සාහිත්‍යයේ එන අතේ මාට්ටු කෙප්පයක් අල්ලගෙන ආගමේ දාර්ශනික පදනමක් නෑ කියල නිගමනයකට එනව. 
ඔක්කොම එකයි. මිථ්‍යාවන්. එකක්වත් එපා කියන තැනට සමහරු තල්ලු වෙන්නෙ එවැනි සංදර්භයක් තුළ.

ආගමික සංස්කෘතිය කියන දේ වෙනම දෙයක්. මිනිස්සු අඳින පළඳින විදිය, කතා කරන විදිය, ආගන්තුක සත්කාර කරන විදිය, උත්සව, සැරසිලි, ආවාහ-විවාහ-චාරිත්‍ර, වෙනත් සිරිත් විරිත් ආදී ක්‍රියාදාම වල එකතුවක්. සංකීර්ණ කාරණා රාශියක් මේ සම්මුති-ආචාර ධර්ම පද්ධතිය සම්මත වීමට සහ පැවැත්මට බලපානව. රටේ දේශගුණය පවා බලපානව. (උදා. අරාබි ඇඳුම.) වෙන ආගම්වල, සංස්කෘතීන් බලපානව. ඔය ගවමස් පිළිකුළ් කිරීම පිරිසිදු බෞද්ධ සංස්කෘතීකාංගයක් නෙමේ නේ. ගවයා විශේෂ සහ වන්දනීය වන්නේ හින්දු භක්තිකයින්ට. රටක සංස්කෘතීන් මිශ්‍ර වීම සාමාන්‍යයි. බෞද්ධයින් විවිධ දේව ඇදහිළි, නක්ශත්‍රය වගේ හයර් එකට ගත්ත විශ්වාසයන් පස්සෙ දුවන්න ගන්නෙත් එහි ප්‍රතිඵලයක් ලෙසට. 

ආගමේ දාර්ශනික පදනමෙන් බලාපොරොත්තු වෙන්න ඕන පරිපූර්ණත්වය, නිරවද්‍යහාවය, අතිශයෝක්තියෙන් තොර බව සහ විශ්වසනීයත්වය ආගමික සාහිත්‍යයෙන් බලාපොරොත්තු වෙන එක මෝඩකමක්. 

ඒ වගේම ආගමික සාහිත්‍යයේ හෝ ආගමික සංස්කෘතියේ අඩුපාඩුවක් අල්ලාගෙන ආගමේ දාර්ශනික පදනමක් නෑ කියන්න හදන එකෙන් පෙනෙන්නෙ ඒ කෙනාගෙ යමක් අවබෝධ කරගැනීමේ නොහැකියාව සහ දාර්ශනික නූගත්කම පමණයි.

(දාර්ශනික නූගත්කම යනුවෙන් මා අදහස් කරන්නේ දර්ශනය පිළිබඳ උපාධි ගසා නැත කියන එක නොවෙයි. ලෝකයේ පිළිගත් විද්වතුන් විසින් ප්‍රාමාණික විශ්ලේෂණයකින් අනතුරුව යම් වලංගුභාවයක් ඇතැයි නිර්ණය කරන ලද යම් දර්ශනයක්, නිසිආකාර හැදරීමකින් තොරව ඒ ගැන අපරිණත අවසන් නිගමනයකට එලැඹීමේ ප්‍රවේශයයි.)

12 comments:

  1. එතකොට පිලිම නැති වන්දනාවල් තියෙන ආගම් වලට මොනවද කියන්නේ.

    ReplyDelete
    Replies
    1. පිළිමය අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. සංඛේතයක් පමණයි. උදාහරණයක් ලෙස ඉස්ලාම් ආගම පිළිම වන්දනාව ප්‍රතික්ශේප කරනවා. පුරාවිද්‍යාත්මක වටිනාකම වපා නොසලකා හැර බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කරන්නෙත් ඒ නිසා. නමුත් ඉස්ලාමය තවදුරටත් ආගමක්ම තමයි. හේතුව විශ්වාසය, ඇදහීම, ලබ්ධිය කෙන්ද්‍රීය පදනමක් මත විකසනය වන නිසා. එනම් ආගමක ප්‍රාථමික සහ අනිවාර්ය ලක්ෂණ දරණ නිසා. පිළිමය පමණක් නොවේ දාර්ශනික පදනමත් ආගමකට වෛකල්පිත සාධක. නමුත් විශ්වාසය, ඇදහීම, ලබ්ධිය යනු අනිවාර්ය සාධකයි.

      Delete
    2. බෞද්ධයන් යාච්ඥා කරන්නේ නැත. බුදුරදුන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඔවුන් සිදුකරන්නේ වන්දනාවයි. එය බුදුරදුන් කෙරෙහි පැහැදීම නැතිනම් පැහැදිලිවීම නිසා ඇතිවන ශ්‍රද්ධාවෙන් සිදුකරන ;ගෟරවයකි. බුදුරදුන්ගේ ප්‍රඥාා ශක්තියට ප්‍රශංසාවකි.
      බටහිර ජනයා අලුත් ආගම් සොයා එන්නේ පැරණි ආගම ගැන අමනාපයෙන් ද? එහෙම පිරිසක් සිටින්නට පුළුවනි. ඉස්ලාම්,ක්‍රිස්තියානි වැනි ආගම් වල මැවුම්කාර දෙවියන් පිළිබඳ විශ්වාසය බිඳ වැටීම නිසාත්, එවැනි වෙනස් වීමක් සිදුවෙයි. ඇතැමුන් අදේවවාදි පැත්තට නැඹූරු යි. ඒ අය යොමුවන්නේ බුදුදහම දෙසටය. අනෙක් කරුණ තමයි දේවවාදී ආගම් වල පිළිපදින්නට තිබෙන දේවල් අඩුයි. බුදුදහමේ පිළිපැදීමට තිබෙන කාරණා බහුල යි.ඔබට දේවවාදය පවතින ආගම් සමඟ කිසිදු ව්ටක බුදු දහම සමාන කිරීමට නොහැක .ම්න්ද එය කිසිදු දේව වාක්‍යයක් මත නොවැඩුණු ඉතා පැහැදිලි දර්ශනයක් වන බැවිනි .

      ඉස්ලාම් හා ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ට කුරානය හා බයිබලය නමින් ශුද්ධ ග්‍රන්ථ තිබේ. බෞද්ධයන්ට එක පොතක් නොවෙයි පුස්තකාලයක් ම ඇත.
      පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ තිබේ. මහායාන, ථේරවාද හා තිබ්බත වශයෙන් ඒවා විවිධයි. ඒ සියල්ලම හැදෑරීම අනවශ්‍යයි. ඔබට කැමැති දෙයක් තෝරාගත හැකිය.
      ත්‍රිපිටකයේ එන සුත්ත නිපාතය හා ධම්මපදය අනුව කටයුතු කිරීම වුවත් බෞද්ධයකු වන්නට ප්‍රමාණවත් වෙයි. විශ්වාසය (Belief – බිලීෆ් ) සහ ශ්‍රද්ධාව ( Faith – ෆේත් ) යනුවෙන් ඉංගී‍්‍රසි වචන දෙකක් ඇත. විශ්වාසය අනුව හේතු සෙවීමක්, තර්ක කිරීමක් නොකොට සත්‍යය පිළිගැනීමයි. ඒ ගැන විමසිය නොහැක.

      දේවවාදී ආගම් වල
      දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කළ නොහැකිය. දේවවාක්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව ඇදහීම විශ්වාසය (Belief – බිලීෆ් ) යි. පොතපත කියවීමෙන්, හේතු සාධක සොයාගැනීමෙන් හා ප්‍රායෝගික පුහුණූවීමෙන් ලැබෙන අත්දැකීම් මත සිතෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව ( Faith – ෆේත් )යි. එය බුද්ධිමය පිළිගැනීමකි. බුදුරදුන් සැබැවින්ම බුද්ධත්වයට පත්වෙලාද? යන්න වුවත්, විමසා බලන්නට බුදුදහමෙහි අවසර ඇත.


      යම් කෙනෙකු බුදුදහම පිළිගන්නේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා දැනුම පදනම් කරගත් ශ්‍රද්ධාවෙනි. ඒ අනුව විශ්වාසය හා ශ්‍රද්ධාව යන වචන දෙකෙහි තේරුම වෙනස්ය.විශ්වාසය මඟින් සිදුවන්නේ අපේ බුද්ධිය පටු සීමාවක් තුළ කොටුවීමකි. එය මනුෂ්‍යත්වයේ වර්ධනයට බාධාවකි. ශ්‍රද්ධාව මත පිහිටා තිබෙන බුදුදහම විවෘත යි. නිදහස් දෙයකි.

      බුදු දහම මැව්ම් වාදය වැනි ම්ත්‍යා විශ්වාස පිලි නොගන්නා ලෝකයේ සුව­හ­සක් ආගම් අතර නිද­හස් චින්ත­නය හා විම­ර්ශ­නය ගරු­ක­රන හේතු­ඵ­ල­වා­දී­වුත්, නිර්මල මානව හිත­වාදී දහ­මක් ලෙස බුදු­ද­හම හැඳි­න්විය හැකිය

      Delete
  2. ඔහේ අන්තිමට මක්කයි කියන්න තටමන්නේ...

    ReplyDelete
  3. මොකද්ද බන් මේ අව්ල ??? දේවාලයක් වගේ තැනකදී උබට අතවරයක් වත් උනාද

    ReplyDelete
  4. පටලවගෙන තියෙන නූල් බෝලය ලස්සනට ලිහලා පෙන්නලා තියෙනවා. වැදගත් ලිපියක්.

    ReplyDelete
  5. අගමක් යනු මිනිසා විසිනි තමන්ගෙ පැවත්ම උදෙස හො යතාර්තය උදෙසා තාම තුලින් ගොඩනාග ගත් දෙයක් .නැතුව උඩින් පහත් උනු දෙයක් නොවෙඉ.සියලුම දාර්ශනික අදහස් ශිශ්ටචාර පරිනාමය සමග වෙනස් විම් සිදුවෙනවා.ව්ර්තමානයෙ ආගම් ලෙස සලකන සියලුම දෙ එසෙ පරිනමනයවි අති බැවින් වර්තමාන අදහස් දෙස බලා එවැනි දෙ කිරිම අනුකම්පාකලයුතු ඩෙයකි .මොකද ඔවුන් එම දර්ශනයෙ සැබැ අරුත නොව දුශනය උ දෙය බලා සිටින බැවින් .ශිශ්ටාචාර පරිනාමනය තුල දාර්ශනික අදහස් දුශනය විමට මම අවබොද කරගන්න බුද්ද දර්ශනය තුලද සිදු වෙඉ.බුදු රදුන් ගෙ දර්ශනයතුල නොමැති නමුත් වර්තමානයෙ පවතින වස් කවි ,ග්‍රහ වන්දනා.

    ReplyDelete
  6. අපි හැමෝම අනිකාට නිදහසේ තම අගම අදහන්න ඉඩ දෙනවා නම් හරි... ( ඇතැම් ආගම් වල අන්තවාදය වැඩි... අන්න ගැටුම් පටන් ගන්න තැන )

    ReplyDelete
  7. මිනිසුන් ආගම් නිපදවුහ.. පුජකයෝ ඒවා කෙලසුවෝය.. කියල කතාවක් අහල තියෙනවා ද?

    ReplyDelete
  8. ආගමක් ලෝකයට අත්‍යවශ්‍ය නැත නමුත් මිනිසුන් සුමගට යැවීමට ආගමකට හැකිනම් එහි වරදක් කිසිසේත්ම නැත.නමුත් අද වනවිට එවැනි ආගම් ඇත්තේ ස්වල්පයකි යම් ආගමක හෝ දර්ශනයක අතිශෝක්තියෙන් යමක් කියන්නේ එම ආගම හෝ දර්ශනය පිලිබදව මිනිසාගේ ඇල්ම වැඩි කිරීමට විය හැක මිනිසුන් පවෙන් ඈත්වේ නම් එහිද වරදක් නැත.

    ReplyDelete