Friday, July 19, 2013

බුදුන් පොරක්ද...?

"බුදුන් පොරක්ද...?" එක්තරා හේතුවාදියෙක් මීට වසර කිහිපයකට පෙර මගෙන් ඇසීය.

මේ පැණයට එවෙළේ පිළිතුරක් දීමට තරම් දාර්ශනික දැනුමක් මට එකළ නොවීය.
නමුත් මේ ප්‍රශ්නයට මම එතැන් සිට වසර ගණනක් පිළිතුරු සෙවුවෙමි.

ඒ අනුව උපතින් නොමිළේ ලැබූ තිබුණත් කිසිදු ඉන්ටරස්ට් එකක් නොතිබූ මම බෞද්ධ දර්ශනය අධ්‍යනය කරන්නට පෙළඹුනෙමි.

පහත සංවාදය මා කියවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය.

වරක් බුදුන් අඹරේ දිලෙන තාරකාවක් පෙන්වා එක්තරා භික්ෂුවකගෙන් මෙසේ ඇසීය: 

"ඔබ සිතනවද අර පෙනෙන තරුව දැන් ඇත්තටම එතන තියෙනවා කියා..?"

පිළිතුර "ඔව්."

එවිට බුදුන්ගේ පිළිතුර:

"ඔබ වැරදියි. ඒ තරුව මීට වසර කිහිපයකට කළින් පුපුරා ගියා. දැන් එය එතැන නැහැ. තිබෙන්නේ වසර ගණනකට පෙර අවසන් වරට එයින් නිකුත් කළ ආලෝකය පමණයි. අප දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහේද....?"

මේ සංවාදය මවිසින් කියැවීමට මූලාශ්‍ර සපයන ලද ග්‍රන්ථය, එහි මුළ් කතුවරයා විසින් ලියන ලද ඇත්තේ සියවස් ගනකට කළිනි. කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන සංකල්පය තබා ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත් සොයාගෙන තිබුණේ නැත....! සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව එය ලියැවුණු ලංකාවේ පමණක් නොව දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් කිසිදු අත්දැකීමක් නොවීය, මන්ද දියුණු දුරේක්ෂ පවා නිපදවනු ලැබුයේ ඊට පසුකාළීනවය...!

අධ්‍යාත්මික සංවර්ධනය, දැනීම් සහ බලවේග ගැන අත්දැකීම් හුදෙක් පුහු හිතළු සහ මනෝවිකාරික මනස්ගාත ලෙස අවඥාවෙන් බැහැර කරන ලංකාවේ භෞතිකවාදීන් මේ ගැන කියන්නේ කුමක්ද...?

කලක් ගතවී ප්‍රථම උපාධිය සම්පූර්ණ කර පශ්චාත් උපාධියක් හැදැරීමට තීරණය කළෙමි. විද්‍යාත්මක දර්ශනය එහි අනිවාර්ය විෂයයක් විය. මා විවිධ විද්‍යාඥයින් පළකළ දාර්ශනික අදහස් ගැන කියවන්නට පටන් ගතිමි. පහත අදහස් මට කියවන්නට ලැබුණේ අහම්බෙනි.

"මතක ඇති කාලෙක සිටම, ගෙදර හදන කළුකුමාට නියමිත වේලාවට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබේ. ඒ අනුව ගෙහිමි කාන්තාව පැමිණෙන සෑම විටම, තමාට බඩපුරා කන්නට ලැබේ යයි කළුකුමා සිද්ධාන්තයක් හදා ගනී. වරක් දෙවරක් නොව, එකදිගට 364 වරක්ම දිනපතා සාධනය වන කළුකුමාගේ මෙම තියරිය, නත්තල් දිනට පෙර රාත්‍රියේ එක්වරම නොසිතූ විරූ පරිදි බිඳවැටෙන්නේ අවාසනාවන්ත ලෙස ගෙලට එල්ලවන පිහි පහරත් සමඟිනි."

"සම්ප්‍රදායිකව පිළිගත් දෙය යනු පරම සත්‍යය නොවන බව මා විශ්වාස කළෙමි. මා කළුකුම් න්‍යාය මගින් අභියෝගයට ලක් කළේ සියවස් ගණනක් තුරාවට විදු ලොව අණසක පැතුරූ ඒ මහා සම්ප්‍රදායයි. විද්‍යාව නම් ක්ෂේත්‍රය තුළ වුව, ගතානුගතිකව සිතන්නන් දුලභ නොවන සන්දර්භයක, එසේ කිරීම පහසු කටයුත්තක් යයි ඔබ සිතනවාද?
නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව නිගමන වලට එලැඹීම, මේ දක්වා යමක් විද්‍යාණුකූල යයි ප්‍රගුණ කළ සහ පිළිගත් ක්‍රමය විය. මා එවැන්නන්ගෙන් අසා සිටියේ, එසේ නම් ඔබ වසර දහස් ගණනක් පුරා නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව ගොඩනගන ලද නක්ෂත්‍රය විද්‍යාත්මකයයි පිළිගන්නවාදැයි කියා ය."

"මගේ තර්කනය පදනම් විරහිත නොවන බව ප්‍රජාවට හැඟී ගිය බව දැනුනෙන්, විද්‍යාත්මක ක්‍රමය ගැන යෙදවූ මතවාද මම අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහිද පැතුරුවෙමි."

"මම ලොව අවිද්‍යාත්මක මතවාද වලට පහර ගැසීම ඇරඹුවෙමි. මට මුළින්ම හමුවන්නේ මාක්ස්වාදය සහ ෆ්‍රොයිඩ් වාද යි.
මාක්ස්වාදය විද්‍යාත්මක පදනමක් මත ගොඩනගන ලද දර්ශනයක් නොව, dogmatic නොහොත් ඒකාධිකාරී ලක්ෂණ දරන දර්ශනයක් බවට වර්ගීකරණය කිරීමට අපහසු නොවීය. එතෙක් විද්‍යාත්මක යයි පිළිගැනීමක් තිබූ ෆ්‍රොයිඩ්වාදයටද මා අතින් අත් වූයේ එම ඉරණම මය.
ආගම් වල ඉගැන්වෙන සර්වබලධාරී දෙවියන් පිළිබඳ සංකල්පයට මම එළව එළවා පහර දුන්නෙමි."

"ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය.
දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය.
නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්‍යනය කළෙමි.
කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය."

-බර්ට්‍රන්ඩ් රසල්



පසුකාළීනව සමාජ සම්බන්ධතා කෙමෙන් දළුලා වැඩෙත්ම විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණවල නියුතු පර්යේෂකයින් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණි.

විද්‍යාත්මක ලෝකයේ Cognitive Science නම් ක්ෂේත්‍රයක් ඇති බව දැනගත්තා පමණක් නොව ඇමරිකාවේ හා යුරෝපයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල ඒ පිළිබඳව පර්යේෂණ කරන ලාංකිකයින් පවා හඳුනා ගැනීමට හැකිවිය.

ඔවුන් පවසන අන්දමට, නවතම ප්‍රවණතාව වන්නේ සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල (MIT, Stanford, Princeton, Carnegie Mellon, Amsterdam ...etc.) සියල්ලගේම පාහේ පර්යේෂකයින්ගේ උනන්දුව සහ නැඹුරුව පවතින්නේ Cognitive Science පිළිබඳවය. කොටින්ම මෙවැනි පර්යේෂණ දෙස අවඥාවෙන් බැලූ අන්තවාදී ලෙස භෞතිකවාදී ආකල්ප දැරූ පර්යේෂණ ආයතන පවා දැන් දැන් අළුතින් මේ පිළිබඳව පර්යේෂණාගාර පිහිටුවමින්, අධි තාක්ෂණික උපකරණ නිපදවමින් සිටිති.

විවිධ ආගමික හා දාර්ශනික පරිසර වල ආභාෂය ලැබූ, විවිධ රටවල් නියෝජනය කරන අමුතුම මාදිලියේ විද්‍යාඥයින් ඒ අතර සිටීලු.

නමුත් ඔවුන් සියල්ලන්ම එකහෙළාම තමන් පර්යේෂණ කරන මෙම Cognitive Science නම් ක්ෂේත්‍රයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම පර්යේෂකයා ලෙසට අවිවාදයෙන් පිළිගන්නා 'පොරක්' සිටී.

ඒ ගෞතම සිද්ධාර්ථ ය.

22 comments:

  1. මෙහෙමයි කෙටියෙන් කියනවා නම් කියන්න තියෙන්නේ වැඩිය හිතන්න යන්න හොඳ නැහැ..අපිට ලැබෙන එක / සීමිත අද්දැකීමක් මත පදනම් වෙලා විශ්වයේම ස්වභාවය මේකයි කියලා පූර්ව නිගමන වලට එන්න හොඳ නැහැ..

    2.2=4
    2+2=4

    උන පලියට 3.3=6 වෙන්නේ නැහැ වගේ දෙයක් මේක .( ඔබේ කළුකුම් න්‍යාය වගේමයි )

    අඩුම තරමේ එවැනි න්‍යායන් වල පවිතින හිස්තැන් ගැන හෝ අවබෝදයක් ඇත්නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ..බොහෝ දෙනා අතරමන් වෙන්නේ හිස් තැනේ සහ ප්‍රත්‍යක්ෂයේ සීමාව අඳුනගන්න බැරි නිසයි..

    අනිත් දේ තමයි අවංක වෙන්න ඕනේ..බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න බැහැනේ සුනෙත්.යම් කිසිවෙක් බොරුවට නිදාගෙන ඉන්න බව වැටහේ නම් ඉක්මණින්ම ඔහුගෙන් ඈත් වෙන්න..

    අනිත් දේ තමයි රටේ නැති ප්‍රශ්න හිතට එනවා නම් කරන්න තියෙන්නේ වහාම ජොබ් එකෙන් අයින් වෙලා මාස 4ක් විතර අතේ සතේ නැති වෙන තැනටම පැමිණීම..බඩගින්න දැනෙද්දී ඔය මොන ප්‍රශ්නයක් වත් එන්නේ නැහැ හිතට පාන් කෑල්ලක් හොයාගන්න ක්‍රමයක් හොයනවා ඇර.. ( අන්තිම චේදය ඔබට අදාළ නොවේ..)

    ReplyDelete
  2. ලොවුතුරු අමාමෑණි අපගේ බුදුන් වහන්සේ පොරක් ලෙසට හදුන්වන්නේ නම් “ එසේ නොකියන්න“ යැයි නොපවසමි. ඒ බුදුන් වහන්සේගේ න්‍යායයි. එහෙත් ඒ හේතුවාදියා පොරක් ලෙස හැදින්වූයේ ගෞතම බුදුන් වහන්සේද එසේ නැතිනම් සිදුහත් කුමරුන්ද? ඒ මන්ද ඔවුන් දෙදෙනා එක්කෙනෙකු නොව දෙදෙනෙකු බැවිනි

    ReplyDelete
  3. බුදුන් පොරක් නොවෙයිනම්, මෙච්චර ෆලෝෆර්ස්ලා ඉඳියිද...?

    ReplyDelete
    Replies
    1. ෆලෝවර්ස්ලා ගණං කරලා පොරක් ලෙස නිගමනය කරන එක එච්චර හොඳ නෑ නේද? පොරවල් වලට ෆලෝවර්ස්ලා ගොඩක් ඉන්නවා වුනාට ඒකේ විලෝමය සත්‍යයක් නෙවෙයිනේහ්

      Delete
  4. තාර්කික ව ගෙනත් බුදුන් පොරක්ව කියන මතය දක්වා අවසානෙදි..

    ReplyDelete
  5. බුදු පියානන් සහ භික්ෂුවක් අතර ඇතී වූ සංවාදයේ මූලාශ්‍රය දෙනවද ? මන් කැමතියි ඒක තවත් පන්ඩි තයෙකුට පෙනන්නන්න

    ReplyDelete
    Replies
    1. මේ සටහනේ මූලාශ්‍රය සඳන්කර නොතිබූ නිසා එය හුදෙක් මගේ හිතළුවක් යයි කියමින් මෙහිදී සහ මගේ බ්ලොග් අඩවියේදී මෙරට භෞතිකවාදීන් මට චෝදනා කළ අතරම හැකිනම් මෙය මගේ ප්‍රබන්ධයක් නොව සත්‍ය වශයෙන්ම බුද්ධ දේශිතයක් බව ඔප්පු කරන්න යයි අභියෝග කළා. පිළිතුරු දීමට ටිකක් ප්‍රමාද වුනේ ඇත්ත වශයෙන්ම එය කොහෙන් කියවූවක්ද යන්න මටද අමතකව තිබූයෙන්. මෙය Thousand Universal Substance Sutta නම් සූත්‍රයක (මෙය 'සහස්සී ලෝක ධාතු' නමින් සිංහලයට පරිවර්තනය කර තිබෙනවා.) තිබූවක් ලෙසයි මට මතක තිබුණේ. නමුත් ආපසු ගිහින් එහි බලනකොට තිබුණෙ නෑ. ඇත්තටම මෙය තිබුණේ THE SERMON OF THE RISE OF SEVEN SUNS (ANGUTTARA NIKÂYA VII. 62) (සිංහල පරිවර්තනය 'සප්ත සූර්යෝද්ගමන සූත්‍රය') නම් සූත්‍රයක නිධාන කතාවේ. ඒ කියන්නෙ ඒ සූත්‍රය දේශනා කරන්න මූලික වූ සිද්ධිය හෙවත් එහි පූර්විකාවේ.
      මෙහි අන්තර්ජාල පිටපතක් සෙවූ නමුත් හමුවූයේ නෑ. දැනට එහි මුද්‍රිත පිටපත මා සතුව නැහැ. තිබුණානම් ස්කෑන් කර දමන්න තිබුණා. නමුත් මේ පිළිබඳව තවත් අඩවියක පළවූ ලිපියක් නම් ගූගක් සර්ච් කිරීමේදී හමුවුණා. මේ තියෙන්නේ එහි සබැඳිය

      Delete
    2. මේ කියන තොරතුරු මගේ ලග තියෙනවා...ඔනිනම් දෙන්නම්....

      Delete
  6. අහං නජානාමි. භගවා ජානාති

    ReplyDelete
  7. භෞතික වාදියෙක්ව ඇරබූ මගේ යෞවන විය මැදිවියේදී අහම්බෙන් බුදු දහම ඉගෙනීමට ලැබීමත් සමඟ වෙනස් වුනා. සම්මජාතියේ කිසිවෙක් කී කරුණක් විශ්වාස නොකරන මා අද බුදු දහම විශ්වාස කරනවා. ඒ හැදෑරීම තුලින්. නමුත් අදටත් මම පන්සල්, භික්ෂූන්ගේ කෝලම් පිළිකෙව් කරනවා, බුදුන් වහන්සේ පොරක් තමයි. මගේ ජීවන දර්ශනය එතුමා තමයි. හැබැයි අන්ධ භක්තියක් නම් මට නැහැ. පංසල් යන, බෝ ගස් දකින විට නැගිටින බෞද්ධාගමිකයෙක් නෙමෙයි මම. මම දකින එකම පොර බුදුන් වහන්සේ පමණයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ ඔබේ තැනම තමයි. මීට අමතරව බෞද්ධ (යයි කියාගත්) හෝ අබෞද්ධ දෙවියන්, බෝධි පූජා, නක්ෂත්‍රය පිළිබඳව මා දක්වන්නේ ඉතාමත්ම ඇල්මැරුණු ආකල්පයක්. මට අදටත් කේන්ද්‍රයක් නැහැ. එය තනිකරම හින්දු විශ්වාසයක් බවයි මගේ මතය. පන්සල්වල හා බොහෝ අසවුවලට අරක් ගත් චීවරධාරීන් මා සත 5කට ගණන් ගන්නේ නෑ. ඒ මුදල් පරිහණය කිරීම පිළිකෙව් කරන ආරණ්‍යවාසී සැබෑ භික්ෂුව මා හොඳින් හඳුනන නිසා.

      Delete
  8. සංවේදී,

    1.
    //එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය//
    මමත් තරමක් බර්ට්‍රන්ඩ් රසල්ගේ අදහස් කියවා තියෙනවා. ඔබේ උපුටා දැක්වීම මා මවිත කලා! ලෝ ප්‍රකට හේතුවාදියෙක් වන ඔහු මෙවැන්නක් යම් තැනක කියා ඇතිනම්, එසේ කීමට ඔහු පෙලඹුනු හේතු නිසැකවම තර්කානුකූලව විග්‍රහ කර ඇතුවාට සැක නැහැ. ඔබට හැකිද උපුටා ඇති රසල්ගේ වැකි වල මූලාශ්‍රය කුමක්දැයි කියන්න?

    2. භෞතිකවාදීන් නිශ්ප්‍රභා කරන්නේ අධි භෞතික දේ පමනයි. Cognitive Science වල මූලික අංශ වන psychology, artificial intelligence, philosophy, neuroscience, linguistics, and anthropology විශයන් තුල එකකවත් අධි භෞතික දෙයක් හෝ බුද්ධ දර්ශනයේ එන හෝ ගෞතම සිද්ධාර්ථ වදාල අධි භෞතික දෙයක් ඔප්පු කර තිබෙනවාද? මට පෙනෙනා අයුරින් ඔබ ඒ ගැන හොඳ දැනුමක් ඇති අයෙක් බවයි පෙනෙන්නෙ. ඔබට හැකිද අඩුවශයෙන් බුද්ධ දර්ශනය හෝ ගෞතම සිද්ධාර්ථ පොරක් යැයි කීමට යොදා ගත හැකි ශාස්ත්‍රීය පර්යේශන පත්‍රිකා එකක් හෝ කීපයක් නම් කරන්න. අදාල පර්යේශන පත්‍රිකා විස්තරය Topic, Author, Journal, Year ආදී වශයෙන් සම්මත ආකාරයෙන් වන්නේ නම් නොමග යෑම් අවම කරගත හැකියැයි සිතනවා.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. 1. මේ අදහස් 100% ක්ම බලාගෙන කරන ලද පරිවර්තනයක් නොවන නමුත් රසල් සිටියේ මේ මතයේ බව මට හොඳටම විශ්වාසයි. ඒ බව මා කියවා තිබෙනවා. නමුත් මූලාශ්‍ර නම් වශයෙන් නම් කරන්නට තරම් මට මතකයක් නැහැ. කරුණාකර Russel and Buddhism කියා Google Search කර බලන්න. මින් පසුව මා එවැනි වැදගත් යමක් කියවනවිට එහි මූලාශ්‍රය සහ පිටුඅංකය ලියා තබාගන්නම්.

      2. භාවනාවෙන් ලබන මානසික දියුණුව යනු අධි භෞතික දෙයක් බව ඔබ පිළිගන්නවාද? මේ පිළිබඳව ලෝ පතළ සිල්වෙස්ටර් විශ්වවිද්‍යාලයේ Cognitive Science Laboratory මගින් පළකර ඇති පර්යේෂණ පත්‍රිකා කියවා බලන්න. මා මේ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් නොවෙයි. නමුත් මාත් සමඟ මොරටුව සරසවියේ පශ්චාත් උපාධිය ඔය ක්ෂේත්‍රයෙන් හැදෑරූ මිතුරන් දෙදෙනෙක් ( Salinda Hettiarachchi , Viraj Dayarathne) ළඟ ඒ බව සනාථ කළ හැකි බාගත කරගත් එවැනි පර්යේෂණ පත්‍රිකා සිය ගණනක් තිබෙනවා. මා මෙහි සඳහන් කළ අදහස් ඔවුන්ද සනාථ කළා. ඔවුන්ගෙන් ඒ තොරතුරු ලබාගන්නට මා උත්සාහයක යෙදෙන්නම්.

      *බුදුන්වහන්සේ සහ භික්ෂුවක් අතර සංවාදයේ මූලාශ්‍රය මා කමෙන්ටුවක දක්වා තිබෙනවා. එයත් අධි භෞතික නොවේද...?

      Delete
    2. සංවේදී,

      1. බලන්න.. ඔබ කලින්ම දරා ගෙන සිටින මතයක් සත්‍යේක්ශනය කිරීමට ඔබ යොදා ගන්නේ "රසල් සිටියේ මේ මතයේ බව මට හොඳටම විශ්වාසයි" යන ඔබගේම විශ්වාසයක්! ඔබට හොඳටම විශ්වාසයි යන්න මට ප්‍රශ්න කරන්න බැහැ තමයි. නමුත් කියවන්නාට ඒත්තු යන අයුරින්, සාක්ශි සහිතව යමක් ප්‍රකාශ කිරීම [විශේශයෙන් විවාදාත්මක දේ කීමේදී] ඕනෑම කෙනෙකුගේ වගකීම. [අයි.ටී.එන්. විපරම භාවිතා කරන්නෙත් ඔබේ ක්‍රමයයි!] බලන්න ඔබ ඔබේ විශ්වාසය ගැන සීරියස් වුවත්, මා ප්‍රශ්න කරන දෙය ගැන එතරම් සීරියස් නැහැ. ඒ ඔබ ඉතා දැඩිව පූර්ව නිගමනයකට දැනටම එලඹී ඇති නිසයි. ඔබ ඉතා සැහැල්ලුවෙන් මට කියන්නේ ගූගල් හි සර්ච් කරන ලෙස. ඇත්තටම මම කලින් කිව්වා වගේ, මම මේ විශය ගැන උනන්දුයි. ඇති තරම් සර්ච් කර තිබෙනවා. මට නම් මහා විද්‍යාඥයන්/විද්වතුන් විසින් බුදු දහමේ එන කරුනු ගැන සමස්තයක් ලෙස මහා ඉහලින් වර්නනා කරන විශේශ ප්‍රකාශ කිසි දිනක හමුවී නැහැ. පහත DKRulzzJuly දී ඇති http://en.wikipedia.org/wiki/Buddhism_and_science පිටුවට යන්න. ඇත්ත.. බුදු දහමේ එන දර්ශනවාදී පිවිසුම ගැන සහ එය ආචාර ධර්ම පද්ධතියක් ලෙස විද්වතුන් එකඟවී තිබෙනවා සහ ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් එයින් ගම්‍යවන්නේ නැහැ බුදු දහමේ එන සියල්ල කෙටියෙන් කිව්වොත් - A [නැවත ඉපදීම] සිට Z [නිවන] දක්වා මෙකී නොකී දේවල් ඔවුන් අනුමත කල බව. ඔබ එසේ යැයි කියනවානම් [ඔබේ විශ්වාසය ගැන නොවේ!], මගේ අභියෝගය ..."හැකිනම් මූලාශ්‍ර පෙන්වන්න!"... පිලිගත හැකි සාක්ෂි, නිරවුල් මූලාශ්‍ර ඇත්නම් ඕනෑම දෙයක් කිසිම කෙනෙකුට ප්‍රතික්ශේප කරන්න බැහැ.

      ඔබ ඇතැම් විට ඊලඟට උපුටා දක්වනු ඇති ආතර් සී ක්ලාක් විසින් කලා යැයි ප්‍රකාශිත ජනප්‍රිය කතාවේ මූලාශ්‍රය නම් ඔහුගේ Deep Range නැමැති නවකතාවයි!

      2. " භාවනාවෙන් ලබන මානසික දියුනුව" යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? සිත එකඟ කිරීම හෝ සන්සුන් කරගැනීමේ මගක් ලෙස භාවනාව යොදාගත හැකියි යන්නට විවාදයක් තිබිය නොහැකියි. එය කිසිසේත්ම අධි මානසික තත්වයක් නොවෙයි. මා ප්‍රශ්න කරන්නේ එය නොවේ. එය (භාවනා) මගින් ලබා ගත හැකියි කියන අධි මානසික හෝ අධි භෞතික තත්ව ගැනයි. මා ඉතාමත් කෘතඥ වෙනවා එවැනි දෙයක් ඔප්පු කර ඇති නම් ඒවා දැනගැනීමට. මූලාශ්‍ර දකින තුරු ඇතැයිද නොකියමි! නැතැයිද නොකියමි!! හදිසියක් නැහැ.

      බුදුන්වහන්සේ සහ භික්ෂුවක් අතර සංවාදයේ මූලාශ්‍රය ගැන: ඔබ කියා ඇති මූලාශ්‍රය කියවන තුරු යමක් කිව නොහැකියි. මතක තබා ගත යුතු දේ තමයි, බොහෝ විට මෙවැනි දෙයක නොයෙක් අර්ථ ගැන්වීම් කල හැකිවීම. උදාහරනයක් ලෙස ගන්න නොස්ට්‍රඩාමුස්ගේ ප්‍රකාශ. එහිදී වන්නේ එම නොපැහැදිලි [vague] ප්‍රකාශ අපි දන්නා දෙයකට හුවා දැක්වීම්. මෙවැනි දේ කියවීම එවැනි දෙයකට නොනැඹුරු පසුබිමක සිට වියයුතුයි. පූර්ව නිගමන නැහැ. මූලාශ්‍ර දකින තුරු ඇතැයිද නොකියමි! නැතැයිද නොකියමි!! හදිසියක් නැහැ.

      - Dimithri

      Delete
  9. විජේ කුමාරයාගේ දුන්න කඩපු එකාගෙන් මට කමක් නැහැ
    කැඩිච්ච කැලි දෙක ගෙනෙන් මම අලුත් එකක් දෙන්නම් .

    ReplyDelete
  10. http://en.wikipedia.org/wiki/Buddhism_and_science

    ReplyDelete
  11. http://www.nourfoundation.com/events/Beyond-the-Mind-Body-Problem/The-Human-Consciousness-Project/the-AWARE-study.html

    මේකත් බලන්න

    ReplyDelete
  12. ගෞතම සිද්ධාර්ථ යන් හා ලොව්තුරා බුද්ධත්වයට පත් ම ශ්‍රේෂ්ඨ වන්නේය..මිහිපිට මෙතෙක් ජනිත වු කිසිඳු තරාතිරමක අයෙකු හෝ එය එසේ නොවේ යයි පසක් කොට නැත්තේ යම් සේද ඉදිරියටත් ඒසේමයි. එම මාර්ගයම සියළු දුක් කම් කටොළු, බිය හා සරළවම නිමක් නැති සසරටම එකම විසඬුම වන්නෙය.

    ReplyDelete
  13. සප්ත සූර්යෝද්ගමන සූත්‍රය එවැන්නක් නැහැ .මෙවැනි දෙයින් වන්නේ සැබෑවටම බුදු දහම විනාශ වීම පමනයි

    ReplyDelete