Wednesday, March 13, 2013

නෝ ලිමිට් නොගිහින් ඉඳිමුද...?


මා මේ සටහන තබන්නේ මේ දිනවල නැගලා යන මාතෘකාවක් ගැනය. එනම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. ඇතැම් විට මෙය පළවූ පසු මටද කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වනු ඇත.

සරසවියේ ව්‍යාපෘතියකට අවශ්‍ය නිදහස් රෝදයක් (Caster Wheel) මිළදී ගැනීම පිණිස නගරයේ වීදුරු බඩු, හාඩ්වෙයාර් පීරුවෙමි.



මා සොයන්නේ විශේෂ ආකාරයේ එකකි. එනම් ඝර්ෂණය ඉතා අඩු, ඉතා නිදහසේ හතර අතටම කරකැවෙන, හුරුබුහිටි එකකි. හේතුව එය යොදාගැනෙන්නේ මා විසින් නිපදවනු ලැබෙන රොබෝවකට වීමයි.
වෙළඳ සැල් රාශියක්ම පිරික්සුවද මට අවශ්‍ය ආකාරයේ එකක් හමු නොවීය. මේ නිසා මීළඟට භාණ්ඩය ඉල්ලා සිටින විට මගේ අවශ්‍යතාවය විස්තර කිරීමට සිතුවෙමි. 

අවාසනාවක මහත ! තත්ත්වය පෙරටත් වඩා දරුණු විය. මගේ අවශ්‍යතාව ඉටුකරනු ලබනු වෙනුවට ඔවුහු මා දෙස අවඥාවෙන් බැලූහ. මෙතරම් සුළු ලාභයක් ඇති දෙයක් වෙනුවෙන් මගේ විස්තරය අසා නාස්ති කිරීමට ඔවුන්ට වෙලාවක් නොමැති බව සමහරු කෙළින්ම කීහ. "කොහේද යන පිස්සෙක්...!" මුවින් නොබිණුවද මා ගැන ඔවුන් තුළ වූ ආකල්පය එබඳු විය.

අරමුණ ඉටු නොවූ කල්හි ලංකාව වැනි රටවල පර්යේෂණ කළ නොහැකි බව පවසමින් රටින් පනින ජෙය්‍ය්ෂ්ඨ පර්යේෂකයින් සාධාරණීකරනය කරමින් ඔහේ අරමුණක් නොමැතිව ඇවිද්දෙමි. 

"මවුලානා පික්චර් පැලස්" නම් කුඩා පින්තූර රාමු කරන වෙළඳ සැල මගේ නෙත ගැටුනේ අහම්බෙනි. කෝකටත් කියා ගොඩ වුනෙමි. ඉතා අධෛර්‍යයට පත්ව සිටි මම කුඩා ළමයෙකු මෙන් මගේ අවශ්‍යතාව විස්තර කළෙමි. වෙළඳ සැලේ හිමිකරු අවුරුදු 50ක් පමණ වෙතැයි සිතිය හැකි මුස්ලිම් මිනිසෙකි.

මා ඉමහත් සැනසිල්ලට පත් කරමින්, ඔහු මා කියූ වචනයක් පාසා ඉතා සාවධානව අසා සිටියේය. 

"මහත්තයට ඕන කරන ජාතියෙ එකක් තියෙනවද කියල අපි බලමු."

ඔහු සේවකයෙකුට කතා කළේය. දමිළ භාෂාවෙන් යම් උවදෙස් මාලාවක් දෙන ලදී. සේවකයා ඉපැරණි තරප්පු පේළියක් අනුගමනය කරමින් ඒ පැරණි ගොඩනැගිල්ලේ සොල්දරය තරණය කරනු දක්නට ලැබිණ.

මද වේලාවකින් ඔහු පැමිණියේ ධූලි වැකුණු, මකුළුදැල් පැටළුනු තරමක කාඩ්බෝර්ඩ් පෙට්ටියක් රැගෙනය.

අරුමයකි! මගේ සිතේ රැඳී තිබූ අපූරු උපාංගය එහි විය...!

මගේ අවශ්‍යතාවය සන්තර්පනය වනු දුටු හිමිකරුගේ වත සතුටින් පිනා යනු දුටිමි. 

ඒ සඳහා ඔහු අයකළේ රු. 50ක් වැනි ඉතා සුළු මුදලකි. නමුත් එවෙළේ එය මට රු. 5,000 කටවත් වඩා වටිනේය.

ඔහුට නොසෑහෙන්නට ස්තුති කළ මම ඉන් පිටවී පැමිණියෙමි.

සැමදේම මුදල්මය ලාභයෙන් මනින ලෝකයක සුළු දෙයකින් වුව පාරිභෝගිකයා සතුටු කිරීම වැදගත් කොට සැලකීමට බොහෝ දෙනෙක් අසමත් වන්නේ ඇයි...?

සිංහල ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධාන හේතුව මෙය විය හැකිය.

සාතිශය බහුතරයක් වූ සිංහල ව්‍යාපාරිකයන් අඩුගානේ සිය පාරිගෝගිකයින් සමඟ සිනාසීමට පවා මැළිකමක් දක්වයි. ඉන් ලාභයක් නොලැබේ යනුවෙන් සිතනවා විය හැකිය. අනෙක් කාරණය නම් බොහෝ වෙළඳසැල්වල සේවකයින් පාරිභෝගිකයින්ට ගරු කිරීමට නොදන්නා බවයි.

පසුගිය අවුරුදු සමයේ මාතර කොටු පවුර තුළ වූ ප්‍රසිද්ධ වෙළඳ සැළකට ගොඩ වුනේ අළුත් අවුරුද්දට පවුලේ සාමාජිකයින්ට ඇඳුම් මිළදී ගැනීමටය. ටී ෂර්ටයකින් සැරසුණු එක් උස මහත පුද්ගලයෙක් එහි සේවකයෙකුට දොස් පවරමින් සිටිනු දැකගත හැකිවිය.

"තමුසෙ දැනගන්නවා තමුසෙගෙ අවුරුද්දක පඩිය එකතු කළත් මගෙ වාහනේ එක රෝදයක් ගන්න බැහැ." 

මෙය ඇසූ මට එම සේවකයා ගැන ඇති වූයේ අනුකම්පාවකි. ඒ සමඟම අර 'වැදගතා' ගැන අප්‍රසාදයකි.
එහෙත්....මගේ අවශ්‍යතාවය සඳහා වෙනත් සේවකයෙකුගේ සහය ලබාගැනීමට සිතූ මට පසුව සිතුනේ අර පුද්ගලයා ඇමතූ ආකාරය හොඳ වැඩි බවයි.

අපේ මිනිස්සුන්ගේ ඉතාම කැත පුරුද්දක්නම් ඇඳ සිටින ඇඳුමෙන් මිනිස්සු මැනීමයි. 

එවෙලේ මා ඇඳ සිටියේ ටී ෂර්ට් එකක් සහ චාම් ඩෙනිම් කළිසමකි. මට අවශ්‍ය වූයේ එවැනිම වැඩිය වැඩ නැති ඩෙනිම් කලිසමකි. මා ඇඳුම් එකින් එක තෝරා නොගැලපේයැයි අයින් කරමින් සිටින විටෙක එහි සිටි සේවකයා දැඩි අවඥාවෙන් මෙසේ කීය.

"මේව මහත්තුරු අඳින ඒව...!"
මගේ පැටිකිරිය මා කියන්නට ගියේ නැත.

මා අදටත් බහුතරයක් සිංහල ව්‍යාපාරිකයින්ට අයිති සාප්පුවල සේවකයින්ගෙන් "අය්යේ", "මචං", "බොස්", "කොල්ලෝ" යනුවෙන් ආමන්ත්‍රණය ලබමි. මා මට එසේ අමතනවාට කිසිසේත්ම කැමති නැත. වැල්වටාරම් නොමැතිව සෘජුවම ප්‍රකාශ කළහොත්, ඔවුන් මට 'සර්' කියා අමතනවානම් මම අවංකවම කැමතිය. ඒ මා සරසවි ඇදුරෙක් නිසා හෝ ඔවුන් මට සාපේක්ෂව නූගත් නිසා හෝ දිළිදු නිසා හෝ නොව, මා ඔහුගේ පාරිභෝගිකයා නිසාය. 

(මම ආයතනයක මෙහෙයුම් ඉංජිනේරුවරයෙක්ව සිටියදී නූගත් රත්‍රන් බඩු මුදලාලි කෙනෙකුට 'සර්' කියා ඇත්තෙමි. හේතුව අන් කිසිවක් නොව ඔහු මගේ සේවාදායකයාය. මා ඔහුගේ සේවායෝජකයාය.)

මේ ආකාරයේම සිදුවීමක් මේ රටේ පිළිගත් පෞද්ගලික බැංකුවකදීද සිදුවිය.
අදාළ බැංකුවෙන් වෘත්තිකයින්ට දෙන වාහන ණය සඳහා මම ඉල්ලුම් කර එය ඉහළින්ම අනුමත වී තිබුණි. ඒ දිනවල හදිසි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටි නිසා ඒ හා සම්බන්ධ සියළු ලිපිලේඛන කටයුතු කළේ ම'පියාය. මා දුරකථනයෙන් හා ෆැක්ස් මගින් සම්බන්ධ වීමි. අවසානයේ අදාල චෙක් පත භාරගැනීමට ඉතා අසීරුවෙන් නිවාඩුවක් ගෙන බැංකුවට ගියෙමි. ඒ වන විට අධික කාර්යබහුලත්වය නිසා මගේ රැවුළ ඝනව වැඩී තිබූ අතර, සුපුරුදු පරිදි මා සැරසී සිටියේ සරල ඇඳුමෙනි.
මා අදාල බැංකු නිලධාරිනිය හමුවීමට උඩු මහලට ගියෙමි.

"මොකද...?" ඇය ඇසුවේ සැරෙනි.
"ටිකක් ඉන්න මෙතන වෙන වැඩක්..!"

ඉතා දිගු කාල නාස්තියකට පසු මට අවස්ථාව උදාවිය.

"ඇයි...? ණයක් ගන්නද නැත්නම් හිඟයක් පියවන්නද...?" 
ඇගේ ස්වරයේ කිසිදු ආචාරශීලී බවකින් නොවීය. මා දෙස බැලූ ඇගේ වත අවඥ්‍යාසහගත බැල්මක් හෙළුවාය.

මා කාරණය කිවු විට ඇය පුදුමයට හා කළබලයට පත්ව අදාල ලියකියවිලි පරීක්ෂා කරන්නට වූවාය. මා පැමිණ සිටින්නේ මිලියන ගණනක වටිනාකමක් ඇති චෙක්පතක් භාරගැනීමටද, මගේ රැකියාව ලෙස 'ව්‍යාපෘති අධ්‍යක්ෂ - මෘදුකාංග ඉංජිනේරු' තිබෙනු දැකද ඇගේ හැසිරීම සපුරා වෙනස් වූයේ යැයි කිවහොත් එහි වැරැද්දක් නොමැති තරම්ය.  

ඇත්ත වශයෙන්ම මෙය මෙසේ නොවිය යුතුය. තමා හමුවට පැමිණෙන අන්ත දිළිදු ගොවියාද, සුළු ව්‍යාපාරිකයාද, මහා ධන කුවේරයාද ඇයට ගෞරවණීය පාරිභෝගිකයෙක්ම විය යුතුය. ඔහුගේ උගත්කම, තරාතිරම, ගණුදෙනු කරන මුදලේ වටිනාකම, අවශ්‍යතාව යන කරුණු වලින් ඔහුට දක්වන ගෞරවය, ආචාරශීලීත්වය හ කැපවුණු සේවය ස්වායත්ත විය යුතුය.

සිංහල ව්‍යාපාරිකයින් හා ඔවුන්ගේ ගෝලබාලයන් මේ දරුණු අඩුපාඩු හදාගන්න තෙක් කුණු බිත්තර නොවේ, වෙඩි තිබ්බත් සාමාන්‍ය මිනිසුන් මුස්ලිම් ව්‍යාපාරිකයින් පොහොසත් කිරීම වලක්වා ලිය නොහැකිය. මන්ද මිනිසුන්ට වටින්නේ ලබාදෙන ගුණාත්මක සේවය හා ලබාදෙන ගෞරවය මිස, තමන්ගේ මුදලින්ම ජීවිතය ගැට ගසාගෙන තමන්ටම සත්තම් දමන උද්දඡ්ඡ්යන්ගේ 'ලොකු සීන්' බැලීමට නොවේ.

පසු සටහන :  ඉහළ පෙළේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නොකළ යුතු බව හෝ කළ යුතුබව මම මින් අදහස් නොකරමි. ඇතැම් මහා පරිමාණ මුස්ලිම් ව්‍යාපාරිකයින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට ආධාර උපකාර කරන බව සත්‍යයකි. මේ බව මගේ ආරක්ෂක අංශ මිතුරකුද සනාථ කළේය. මමද එවැනි ආයතන වර්ජකයෙක්මි. එහෙත් සාමාන්‍ය අහිංසක මුස්ලිම් ව්‍යාපාරිකයින් වර්ජනය කිරීමට තරම් මම අන්තවාදියෙක් නොවෙමි. සෑම දමිළයෙක්ම කොටියෙක් නොවන බවද, සෑම මුස්ලිම් මිනිසෙක්ම ඉස්ලාම් අන්තවාදියෙක් නොවන බවද මම තරයේ විශ්වාස කරමි. එවන් අහිංසකයින් වෙනුවෙන් පෙනී සිටීමටද, ඕනෑම ආකාරයක අන්තවාදයක් නිර්දය ලෙස විවේචනය කිරීමටද මම කිසිවිටෙක පසුබට නොවෙමි. (ඉස්ලාම් අන්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලබා සිටින්නෙක්මි.)

48 comments:

  1. ||එහෙත් සාමාන්‍ය අහිංසක මුස්ලිම් ව්‍යාපාරිකයින් වර්ජනය කිරීමට තරම් මම අන්තවාදියෙක් නොවෙමි.|| එක මකුනයි කන්නේ. ඒත් අනික් මකුණෝ ඔක්කොම මරනවා වගේ වැඩක්...ගොඩක් මිනිස්සුන්ගේ කඩවල් වලට යන්න හිතෙන්නේ නෑ ඒ මිනිස්සු බුම්මගෙන ඉන්නවා දැක්කාම, හිනා කඳුලක් නෑ , සල්ලි විතරයි.

    හෙන්රි අයියා ඔයවගේ මනුස්සකම ගැන, බිස්නස් ගැන පොස්ට් එකක් ලියලා තිබුනා. හරි පොස්ට් එක හොයා ගන්න බැරි වුනා. http://bluejeansntshirts.blogspot.com

    ReplyDelete
  2. සේවාව හොඳින් දෙනතාක් කාල් ඇමතුම ගැන නම් මට ගැටලුවක් නෑ , ශ්‍රි ලාංකික ක්‍රමයේ අය්යා ,මල්ලි කථාවට මම කැමතියි .

    මුස්ලිම් ව්‍යාපාර ගැන කථාවට මාත් 100%ක් එකඟයි , අපි වර්ජනය කල යුත්තේ අන්තවාදි සංවිධාන වලට උපකාර කරණ , කුමන්ත්‍රණාරි ලෙස ව්‍යාප්තවාදයට අනුබල දෙන , නැතිනම් අර කොම්පිටුටර් ප්ලාසාවේ වගේ අසාධාරණ වෙලඳාමේ නිරත මුස්ලිම් ව්‍යාපාර මිසක් .ඒ කිසිවක් නැති අහිංසක මුස්ලිම් මිනිස්සුන්ගේ ව්‍යාපාර නෙවෙයි.

    ReplyDelete
  3. මමත් ඹබ සිට්න පලාතෙම කෙනෙක්. ඹය සමානම අත්දැකීම් මටත් තියනව.ප්‍රශ්නයක් දිහා විවෘත මනසින් බලන අය අඩුයි.ගොඩක් ප්‍රශ්න වලට හේතුව ඒකයි.

    ReplyDelete
  4. මම ජීවත් වූ පළාත මුස්ලිම් ව්‍යාපාර බහුල පලාතක්. සිංහල කඩවල් අල්පයක් පමණක් රැඳෙන්නත් අනිකුත් කඩවල් මුස්ලිම් කඩවල් වීමටත් හේතුව වුයේ ඉහත කී දේ මිස වෙනකක් නොවේ. මගේ ම පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ මා ප්‍රර්ථනා කලේ ගමේ පත්තර කඩ ද මුස්ලිම් ම වේවා යන්නය. ඒ පත්තරයක් ගන්නට අප ගිය විට කරන්නාවූ "අද පත්තර නෑ. දන්නේ නැද්ද කලින් එන්න?" වැනි දමාගසා බඩු විකිණීමේ කලාව අපේ සිංහල මුදලාලි මනාව ප්‍රගුණ කර ඇති බව දන්නා නිසා ය.

    ReplyDelete
  5. ගොඩක් ‍සාමාන්‍ය දමිළ සහ මුස්ලිම් අය පවත්වාගෙන යන ව්‍යාපාර වලට යන අයට සරමක් කමිසයක් ඇඳගෙන ගියත් සර් හෝ මහත්තයා කියල ආමන්ත්‍රණය කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් සිංහල බොහෝ කඩවල එහෙම ආමන්ත්‍රණයක් ගන්නනං ටයි කෝට් දාල යන්න ඕන. අයිය, මල්ලි කියන එකනං වැරැද්දක් දකින්නෙ නෑ.

    පෞද්ගලික බැංකුවල විශේෂයෙන් කාන්තා පාර්ශව‍යෙ සමහර අය ඔය වගේ මාන්නෙන් ඉන්න අය ඉන්නව. සමහර අය ගෙදර ප්‍රශ්න කතාකරනව කස්ටමර් ඉස්සරහ ඉන්දැද්දි. මටත් එහෙම තත්ව ඇතිවෙලා තියෙනව.

    ReplyDelete
  6. කතාව හරි. මට හැමදාම දුමක් දාන්න මාරු සල්ලි 25 නැතිවුනාම ඔපිස් එක ලඟ කඩේ මුදලාලි 2000 මාරු කරලත් සිගරට් එක දෙනවා. මනුස්සයා මාරු නෑ කියලා කිව්වොත් මම දන්නවා ඒ ඇත්තටම මාරු නැති නිසා කියලා.

    ReplyDelete
  7. ඇත්ත කථාව. අපේ අයගේ තියෙන ලොකු දුර්වල කමක්.

    ReplyDelete
  8. ගොඩක් වෙලාවට සිංහල කඩවල ඔය ලෙඩේ තියෙනව... ඒ අතින් මුස්ලිම් කඩවල තත්ත්වය සෑහෙන හොඳයි... නමුත් අලෙවියෙන් පසු සේවාව නම් මුස්ලිම් ආයතන වලත් ගන්න දෙයක් නෑ කියල තමයි මගේ අත්දැකීම...

    ReplyDelete
  9. කථාව ඇත්ත! ගොඩක් මුස්ලිම් වෙළෙන්දන්, කපටි වත්, මන්නාදික වත් නැහැ..... ! මේ ගැන මටත් තියෙනවා කථාවක් කියන්න.

    අපේ ගෙදරට මසකට සරිලන වියලි ආහාර වර්ග ගෙන්න ගන්නේ මුස්ලිම් වෙළෙන්දෙක්ගෙන්, කෝල් කරලා ලිස්ට් එක කියලා! කිසිම දවසක නියමිත බරට වඩා වැඩියෙන් මිසක් අඩුවෙන් බඩුවක් එවල නැහැ! ඒ වගේම ගුල්ලෝ ගහපුවා, දිරපු හාල්, වෙලුනේ නැති ගදගහන කරවල, හිල් උන පැකට් බඩු කිසිම දාක එවල නැහැ! එකට සිංහල වෙළෙන්දෝ! අපෝ දවස් දෙකයි කෝල් කරලා බඩු ගෙන්න ගත්තේ, එයින්ම ගනුදෙනුව ඉවරයි!

    මුස්ලිම් දෙමළ මිනිස්සු හොද වෙළෙන්දන් කොයි දෙදිත්.... ඒ මිනිස්සු ගනුදෙනු කරුගේ විශ්වාසේ කඩන්නේ නැහැ ලේසියෙන්!

    ReplyDelete
  10. සිරා කතාව.

    ඔය සිංහල කඩවල අය කතා කරන්නේ ඔහොම්මම තමා. කිසිම ගරුත්වයක් නෑ පාරිභෝගිකයාට

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. මම බ්ලොග් වල සාමාන්නයෙන් කාලය මිඩංගු නොකරමි . නමුත් අහම්බෙම් මේ බ්ලොග් එකේ ලිපිය කියවීමට ලැබුනෙමි.මෙම ලිපියෙහි ඇතුලත් කරුණු 100% නිවැරදිය.මුස්ලිම් මිනුසුන් වෙළදාමට මෙතරම් දක්ෂ ඇයි කියා සක් සුදක් සේ පැහැදිලිය.අපේකම සිංහල කම කර උඩ තියාගෙන අපේ මිනිස්සු අපිටම සලකන්නේ මෙහෙම නම් මිනිසුම් මුස්ලිම් මිනුසුන්ගේ කඩවලට යාම නතර නොහැකිය.බැංකු වල වැඩකරන එවුන් හිතාගෙන ඉන්නේ පුදුම සහගත දේවල්ය.ටයි කෝට් නැත්නම් සත පහකටවත් ගණන් නොගනියි.මෙය විදේශ රටවල හත් පසින්ම වෙනස්ය.කානු අදින මිනිහටද ගරු නම්ම්බු දී කතා කරයි.බොහොමයක් සල්ලි කාරයෝ ඉතා සර ජීවිතයක් ගතකරයි.බොරු සෝබන නැත.අපේ අපේ අපේ කියා කොච්චර කතා කලත් වැඩක් නැත.යථාරිතය කටුකය.මෙම ලිපිය ලියු ඔබට තුති.

    ReplyDelete
  12. මාත් මුස්ලිම් විරෝදියෙක්. ඒ වුනත් බලාගෙන ගියාම කියලතියෙන කතාව ඇත්ත තමා.

    ReplyDelete
  13. අපේ සිංහලයගේ දුර්වලතාවය පාරිබෝගික සත්කාරය salesmanship මද වීම නොවෙයි. සත්‍ය දුර්වලතාවය අපේ සිංහලයගේ මනුස්සකම මද වීමයි. එය තමයි අපට භාන්ඩ හෝ සේවාවක් ලබා ගැනීමට ගියාම salesmanship නෑ කියා පේන්නේ..

    ReplyDelete
  14. මුස්ලිම් අයගේ කඩවලට මම නොයන හේතුව තමයි අපි ගන්න බඩුව ගැන ඔවුන්ගේ බෂාවෙන් කතා කිරීම.ඒක අපි ගොනාට අන්දවන වැඩක වගේ පෙන්නේ

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් අයට ආගමක් තිබුනට භාෂාවක් නෑ ඔවුන් කතා කරන්නේ අහිංසක දෙමළ සහෝදරයන්ගේ දෙමළ භාෂාවෙන්

      Delete
    2. @ Hirushan mihiranga ''අහිංසක දෙමළ'' ?

      Delete
  15. අරුමයකි මා හටත් සිංහල, දෙමල, මුස්ලිම් යන සෑම වෙළෙන්දකු ගැනම විශාල අත්දැකීම් සම්භාරයක් ඇත. නමුත් ඔය කියන තරම් සිංහල ව්‍යාපාරිකයන්ගේ අඩු ලුහුඬු කමක් මා දැක නැත. සිංහල මිනිසුන් තරමක් ආඩම්භරකාරී බව සැබෑය නමුත් සිංහල මිනිසුන් වෙළදාමේදී දමිල හෝ මුස්ලිම් මිනිසුන්ට සාපේක්ෂව පාරිභෝගික සත්කාරයෙන් දුර්වලය යන මතය අප බහුතර සිංහලයන් අතරම මුල බැස ගත් බලවත් මිත්‍යා මතයක් ලෙස මා දකිමි. මිත්‍යා පූර්ව නිගමනයක සිට සිංහල වෙළෙදුන් ලෙස බලන කල්හි ඔබ ඔවුන්ව වෙළදාමේ අදක්ෂයින්ය යන ලේබලය මනසේ දරා සිටින බැවින් එය ඔවුන් මත කෙසේ හෝ අලවා දැමීමට පෙළබීම සාධාරණය.

    මුස්ලිම් වෙළෙන්දන් වෙළඳ සැලට ගොඩ වූ තැන් පටන් මහත් වූ ගරුසරුවක් පාරිභොගිකයා මත දක්වන බව පෙනුනත් මම අත්දැකීමෙන් හඳුනාගෙන ඇති පරිඳි එය ඔවුන්ගේ අවංක කම නොව සට කපටි අලෙවි උපක්‍රමයක් පමණි. මා එසේ කියන්නේ සිංහල සහ දමිල වෙළෙන්දන්ට සාපේක්ෂව මුස්ලිම් වෙළඳුන් මා රවටා ඇති වාර ගණන වැඩි බැවිනි. සිනා මුවින් අළෙවි කල බොහෝ භාණ්ඩ තත්වයෙන් ඉතා බාල බව අවබෝධ වී ඇති බැවිනි එමෙන්ම දෝෂ සහගත භාණ්ඩයක් මාරු කිරීමට ගිය කල්හි එය විකිණූ මුස්ලිම් වෙළෙන්දාගේ විකුණන විට තිබුණු ආචාරශීලීත්වය බොහෝ අවස්තාවලදී අතුරුදහන් වී තිබුණු බැවිනි.

    මම නම් දැන් යන්නේ සිංහල කඩ වලට විතරමය ඒ මුස්ලිම් වෙළෙන්දාගේ ව්‍යාජ හිනාවට වඩා සිංහල වෙළෙන්දාගේ අව්‍යාජ ආඩම්බරය මට වටිනා බැවිනි.

    මේ කරුණ සම්බන්ධයෙන් අප බොහෝ සිංහලයන්ගේ හද ගැස්ම හඳුනාගෙන ලිවූවක් යැයි පෙනෙන ලිපියක් මට විද්‍යුත් තැපෑල ඔස්සේ ලැබුනි. බහුතරයකගේ දෙනෙත් හැරවීම සඳහා එය මෙහි පළ කරමි.

    */එක මුසල්මානුවගෙන් පටන්ගෙන මුළු කෆීර් ටවුමක්ම අක්බාර් ටවුන් හරි දර්ගා ටවුන් හරි වෙනකන් ආ ගමන.

    ලෙබ්බෙලා කරන්නෙ හොඳට සින්හලයො රජ කරන ටවුමක් තෝර ගන්නව. ඊට පස්සෙ හිමීට කෆීර්ලට යාප්පු වෙලා, යාප්පු වෙලා වැඩි ගානක් ගෙවල හරි, කුළියට බද්දට කඩ කෑල්ලක් හොයා ගන්නව. එහෙම ගන්නේ…කෆීර්ලගෙන්මයි. ඊට පස්සෙ පවුලෙ උන්ව යවනව පලාතෙ කඩ ඔක්කොටම ඔත්තු බලල ගණන් හිලව් ටික දැන ගන්න. නැත්නම් තමන්ම යනව. ඊට පස්සෙ සාර්ථකම බිස්නස් මොනවද බලල දානව ඒ ජාතියෙන්ම කඩයක්. ඔක්කොම බඩු අර සාර්ථකම කඩේ බඩු වලට වඩා අඩුයි. වැඩිය නෙවෙයි, රුපියලයි, දෙකයි, ශත පනහයි වෙනස. කඩේ දොරකඩටත් ට්‍රැෆික් පොලිස් වගේ අත වන වනා කට කනේ තියන් අඬ ගහන ලෙබ්බෙ කෙනෙකුත් දානව කුළියට. උන්ට පුළුවන් මුළු දවසම උනත් ඒ රාජකාරිය එක ගැම්මට කරන්න.

    ඔන්න ඉතින් එනව ඔළ මොට්ටල බුඩිස්ට් පාරිභෝගිකය, හිනා වෙන මාරය එක්ක වුනත් හිනා වෙන්නනෙ උන් ඉගෙනගෙන තියෙන්නෙ. කිසි සැකයන් හිතන්න එපා. කෙලින්ම අපේ ලෙබ්බෙගෙ ගොදුරු තමයි. කඩේට ඇතුල් වෙච්ච වෙලේ ඉඳන් කොනකපාල සේවකයො ටික ඇඹලයො වගෙ වටේ කැරකෙනව, ප්‍රශ්ණ අහනව, පැනල දෙනව, එක විකාරයයි. බුඩිස්ට් පාරිභෝගිකය හිතනව අනේ මෙච්චර කාලයක් අපි කඩ වලට ගියා මෙහෙම සැලකිල්ලක් ලැබුණෙම නැහැනෙ. මුන්ගේ ගානත් ලාබයි. හෙටත් එන්න ඕනෙ කියල. ලෙබ්බෙ ඒ අස්සෙ හිතනව, අම්මප මේ හැත්ත ගූ බෙට්ටක් උඩින් ශත පණහක් තිබ්බොත් දිවෙන් ගනී. පොඩ්ඩක් හිනා වෙච්ච පළියට මෙහෙමත් අල්ලගන්න පුළුවන්ද? අල්ලාහු අක්බර්. අපි වැඩි කල් නොගිහින් අල්ලාට මේ රටම අල්ලල දෙනව කියල. අපේ කඩේට එන එක කෆීර් කෙනෙක්වවත් හිස් අතින් අරින් නැහැ. අපිට බිස්නස් නැති වුනා කියන්නෙ අල්ලා පරාදයි, ඒක නිසා අපි පාඩු විඳල හරි අල්ලා දිනවන්න ඕනෙ. බුඩිස්ට් බිස්නස් කාරයො වනසලම දාන්න ඕනෙ. එතකන් නොකා නොබී හරි අපි බිස්නස් කරනව. අන්න එහෙමයි අපේ ආගමික භක්තිය.

    මෙහෙම ටික කාලයක් යද්දි, බුඩිස්ට් කඩ එක දෙක වැටෙන්න ගන්නව. අපි ටක් ගාල සිකුරාදා පල්ලියෙදි ටිප් එක දෙනව තව ලෙබ්බෙලාට වහාම අල්ලගන්න ප්ලේස් එක කියල. හැරෙන තැපෑලෙන් කට්ටිය එතන. වැටෙන කෆීර් කඩ එක පේලියට අපි අල්ලගන්නව. අර සාර්ථකම බුඩිස්ට් බිස්නස් කාරයත් ඔන්න හන්ටර් වේගන එනව. එතකොට අපි තවත් මිළ අඩු කරනව. බුඩිස්ට් කස්ටමර්ස්ල අපිට පොර කනව, ආඩම්බර බුඩිස්ට් මුදලාලි වේලෙනව.

    වැඩි කල් යන්නෙ නැහැ, රෝල අතෙ පත්තු වෙලා මහා මුදලාලි බංකොලොත් වෙනව. ඌට උගේ කඩෙයි බඩුයි විකුණනව හැරෙන්න ගොඩ යාමක් ඇත්තෙම නැහැ. බැනර් ගහනව ෆෝ සේල් කියල. ඔන්න අපේ ආර්ම්භක ලෙබ්බෙ යනව ගොදුර ඩැහැ ගන්න. එදා පටන් එම ව්‍යාපාරය කලින් සිංහල නමින්ම තමයි යන්නෙ. හැබැයි ඒක මේ රටේ කෑල්ලක් නෙවෙයි. පොඩි අරාබි කෑල්ලක්. ඒ ලෙබ්බෙ තමයි මේ ටවුන් එකට මුළින්ම මුස්ලිම් පල්ලියකට මුල්ගල තියන්නෙත්. ඒ වෙනකොට අර මුදලාලි විතරක් නෙවෙයි මුළු ටවුමෙම සිංහල බුඩිස්ට්ල අත් හැරල ගිහිල්ලා. අපේ මුස්ලිම් උන්ගෙ ගඳ ඉවසන්න බැරුවයි, ජීවත් වෙන ක්‍රමේ බලා ඉන්න බැරුවයි තමයි ඒක වෙන්නෙ.

    ඊට පස්සෙ අපිට මුලින් රිංගද්දි තිබ්බ ටවුමෙ නමින් වැඩක් නැහැ. ඒව හරි කැතයි නේ. අපිට හරියන්නෙ අක්බාර් ටවුන්, දර්ගා ටවුන්, කුවේට් ඔය වගේ අරාබියට අදාල නම්. ටවුන් එකේ නමවත් අපි සිංහලෙන් ලියන්න දෙන්නෙ නැහැ. ටැමිල් හා අරාබි භාෂා පමණයි. නැගෙනහිර පලාතෙ රවුමක් ගියොත් බලා ගන්න පුළුවන්./*

    ReplyDelete
    Replies
    1. කියා කතාවට 75% එකගයි

      Delete
    2. මටත් කවදාවත් සිංහල වෙලෙන්දොන්ගෙන් ඔය කියන තරම් ප්‍රශ්න වෙලා නෑ. සමහරු කඩවලට ගොඩ වෙන්නෙ හිතින් මවා ගත්තු දේවල් තොගයක් එක්ක උනාම හැම එකම වැරදියට පේනවා..

      Delete
    3. onama deyak diha suba wadiwa baluwoth eka hoda deyak widiyata penawa.asuba wadiwa baluwoth naraka deyak widiyata penawa.upekshawen baluwoth yatharthaya awaboda wenawa.antha waadi nowi madyastha wenna.(monawa kiwwath mama sinhalayek.puluwan hama welawakama mama sinhala kada walatama witharak yanawa.mage rata,jathiya,aagama wenuwen mata podi awanambuwak labunath kamak na.mage kenekta hariyanawanam eeka mata sathutak.

      Delete
  16. මුස්ලිම් මිනිස්සු බොහෝම දෙනෙක් බොහෝම ලඟින් ආශ්‍රය කරන කෙනෙක් මමත්.

    මේ උඩ කෙනා කිව්ව දේත් වැරදි නෑ කියලත් හිතෙනවා සමහර මූනිච්චාවට හිනාවෙලා පිටිපස්සෙන් පිහියෙන් අනින මුස්ලිම් වෙලෙන්දෝ දැක්කාම.

    නමුත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ තියෙන ඉවසීම සිංහල ව්‍යාපාරිකයෝ ලඟ නෑ.

    පාරිභෝගියකයෝ උනු අපි ව්‍යාජ හරි පිලිගැනීමක් බලාපොරොත්තු වෙනවා.

    මොකද අපිට කවදාවත් කිසිම තැනක කිසි කෙනෙක්ගෙන් අව්‍යාජ පිලිගැනීමක් නොලැබෙන නිසා.

    ලැබෙනවනම් ලැබෙන්නේ බොහෝම කලාතුරකින්.

    ගෙදරක උනත් එකිනෙකාට ගෞරව කරන්නේ තමන්ට ඒ කෙනාගෙන ලැබෙන තරමට කියලයි මම දැකලා තියෙන්නේ.

    මහජන මුදලින් පඩි ගන්න අය ඉන්න පොලිසියට, ප්‍රාදේශීය සභාවට ඕනෑම කන්තෝරුවකට වැඩක් කර ගන්න යන්න. අපි උන්ගෙන් පිනට ඉල්ලන්න ආවා වගේ තමා සලකන්නේ.

    අපිට පුලුවන්ද කටක් ඇරලා බනින්න තොපි පඩි ගන්නේ අපේ බදු මුදල් වලින් කියලා. කිව්වොත් ඉතිං සොරි තමයි

    එහෙව් එකේ සල්ලි දීලා බඩුවක් ගන්න යන තැනදී විතරයි අඩු තරමින් අපිට මූනිච්චාවට වත් පිලිගැනීමක් ලැබෙන්නේ.

    පෘතග්ජන අපි කැමතියි ව්‍යාජ හරි ඒ පිලිගැනීමට . .

    එතනදී විතරයි අපිට කියන්න හරි ක්‍රියා කරලා හරි පෙන්නන්න පුලුවන් උඹලට අපේ සල්ලි එපා නම් හිනා වෙලා ගන්න කැමති එකෙක්ට දෙන්නම් කියලා.

    ඒක සිංහල ව්‍යාපාරිකයෝ ඉගෙන නොගන්නා තාක් කල් දිය රෙද්දෙන් බෙල්ල කපන හරි කමක් නෑ මුස්ලිම් මුදලාලිගේ හිනාවට අපි බෙල්ල දීලා එන එක නතර කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. 'ඔයාගෙ අක්කත් මුස්ලිම් ලට දීලා

      Delete
  17. මටත් ඔය වගේ දේවල් හොයාගෙන හාඩ්වෙයාර් වලට ගිහිල්ල ඇති වෙලා තියෙන්නෙ.. අපිට අවශ්‍ය දේ හොයල දෙනවට වඩා අමුතු ප්‍රශ්ණ ඒගොල්ලන්ට තියෙන්නෙ.

    ReplyDelete
  18. සම්පුර්ණ හරි ... අපේ මිනිස්සු අනික් මනුස්සයන්ට ගරුකරන්න ඉගෙන ගන්නවා නම් කොච්චර හොදද...

    ReplyDelete
  19. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  20. ඔබ් කත්ව හරි ඒත් ඔතන තියෙනෙ සින්හල මනුස්සයාගෙම වරද.....? අපෙ සින්හල කඩයක් තව සින්හල කඩයකට නගිටින්න ඩෙන්නෙ නෑහෑ. එත් ඉතින් ජාතිවදය ඈදල ගත්තොත් ගහගෙන මරගෙන තමා නවතින්නෙ

    ReplyDelete
  21. http://www.lankatronics.com/small-smart-car-model-robot-wheel-tire.html

    Oya oka menna methanin gaththa nam iwarane .. :)
    I agree with your points and we try very hard to provide our customers with a far better and polite service.

    ReplyDelete
  22. බොහොම වටිනා පොස්ට් එකක් මේ වගේ සිද්ධි මට අනන්තවත් සිදුවී තිබෙනවා. නමුත් මම මෙය දකින්නේ ඔබ දකින පිලිවෙලට නොවේ. දැනුම විශමව බෙදී ඇති සමාජය. තරාතිරම් වලට ගරු කරන පංති සමාජයක. මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

    ReplyDelete
  23. මම ඔබේ මෙම ලිපියට ගෞරව කරමි.ඔබ මේ ලිපියෙන් ගොඩක් දේවල් දිග හැර තියෙනවා. මමත් ඔබ වගේ මාතර කුඩා කල සිට ජිවත් වන පුද්ගලයෙකි. සිංහල මිනිස්සුන්ට ඉක්මනට මුල අමතක වෙනවා. මිනිස්සුන්ව ජරා විදියට මනිනවා. එත් අපේ ශ්‍රී ලංකව තරම් රටක් මේ ලෝකේ කොහෙවත් නැ. අපි වෙනස් වෙන්න ඕන කලයි මේ.

    ReplyDelete
  24. ගල් බොරළු මතින් ඔබ තුමා ඇත්ත කතාව කියල දැම්ම නේද..... අගෙයි අගෙයි!!! වටිනා පෝස්ටුවක්!!
    ස්තුතියි!!
    ස්තුතිය හිමිඋනේ අවංකභාවයට!!

    ReplyDelete
  25. 100% එකඟයි.

    මටත් මීට සමාන අත්දැකි තියනව. සාමාන්‍යයෙන් කඩේකට යනකොට මමත් ඉතාම සරල විදිහට තමයි අඳින්නෙ. සතිය පුරාවටම ටයි හිර කරන් ඉඳල ඇති වෙලා හින්ද.

    සිංහල කඩ වලට ගියාම කුඩම්මගෙ සැලකිලි. මුස්ලිම් කඩ වලදි කොහොම ගියත් සලකන්නෙ දෙවියෙක්ට වගේ.

    මේකට මම සරල විසදුමක් හොයා ගත්ත.

    සිංහල කඩේකට ගිය ගමන් සිංහල වචනයක් වත් කතා කරන්න එපා. කඩ්ඩෙන්ම කොටන්න. ඇමරිකානු උච්චාරනයකුත් පාවිච්චි කරන්න. (බ්‍රිතාන්‍ය උව්චාරනයටත් සමාන ප්‍රතිපල ලැබෙනව, මගෙ බිරිඳ පාවිච්චි කරන්නෙ ඒක)

    එතකොට ඔය මහා කලු සිංහලයො ඔක්කොම කං පහත් කරන්, වලිග පහත් කරගෙන දෙකට නැවිල කතා කරන්නෙ.

    මෙවැනි අමන නිවට ජාතියන, තියෙනවට වඩා නැතිවෙන එකමයි හොඳ. (මමත් ඇතුලුව)

    ReplyDelete
  26. සහතිකෙටම ඇත්ත. අපේ සිංහල කඩේකට ගිහින් ඔය sales කෙල්ලෙක්ගෙන් හරි sales කොල්ලෙක්ගෙන් හරි දෙයක් අහන්න තියෙනවද කියලා . ගත් කටටම කියන්නේ නෑ කියල. ඒ තරම් කම්මැලියි. හැබැයි කඩේට කොටට කෙල්ලෙක් ඇදන් ආවොත්, ඔක්කොම sales කෙල්ලෝ එකතුවෙලා අර කෙල්ල දිහා බල බල හිනා වේවි . පෙනුමැති කොල්ලෙක් ආවොත් ඔක්කෝම එතන. මේක මං අනන්ත දැකලා තියෙන දෙයක්.
    හැබැයි මුස්ලිම් , සහ දෙමළ මිනිස්සු හම්බ කරන්න දක්ෂයි. උන් පරිබෝගිකයට නිසි විදිහට සලකල, උනන්දුවෙන් අවශ්‍යතාවය ඉෂ්ට කරනවා. හොදට බලන්න පිට කොටුවේ කඩේකට ගිහිං . අපිට ඕනි දෙය නැත්නම් උන් වෙන කඩේකින් හරි ගෙනත් දෙනවා. නැත්නම් ගන්න පුළුවන් තැන හරියටම කියනවා. ඇත්තටම සිංහලය දන්නේ බොරුවට සිංහලකම , බෞද්ද කම කියල කෑ ගහන්න විතරයි. පුලුවන්නම් මේ වැරදි හදාගන්න බලනවද? මං හිතන්නේ නෑ . මොකද ඊට ලේසියිනෙ බොරුවට කෑ ගහන එක. අපිත් මුස්ලිම් ආගමේ නීති වලට විරුද්දයි. අපි කියන්නේ මුස්ලිම් වෙන්න කියල නෙවෙයි.. කාගේ උනත් හොදක් තියෙනවනම් එක ආදර්ශයට ගන්න.. එකයි වැදගත්... නිකං ගල් ගහන එක නෙවෙයි හපන් කම. ඔය දගලන දැගලිල්ල රටේ අනිත් ප්‍රශ්න වලටත් තිබුනානම් මේකත් රටක්.

    ReplyDelete
  27. මෙහි සදහන් කරුණු මමද අනුමැත කරමි. අන්තවාදී මුසල්මානුවන්ගේ කඩ පමණක් තෝරා ගැනීම දුෂ්කර කාරියක් ලෙස මම දකිමි. මන්ද මේ සියලු ව්‍යාපාරිකින් පල්ලිය හරහා අන්‍යොනය වශයෙන් බද්දවී ඇති නිසාවෙනි. අහිංසක කුඩා මුස්ලිම් කඩවල් ගැන මම දුක්වන අතර මම මගේ ජාතියට මුල්තැනක් දීමට පහුගිය වකවනුවීදී පුරුදු වීමි. එනිසා සිංහල කඩවලට ගොඩවන මා ඔවුන් සමග සුහදව සිනහ වී අවැසි දේ ඉල්ලීමට පුරුදු උනෙමි. අප ඔවුන් සමග සුහදව කටයුතු කරන විට ඔවුන් ද එම ක්‍රමය හැඩ ගැසෙනු මම අත්දුටුවෙමි

    ස්තුති

    ReplyDelete
  28. මම නම් හිතන්නේ ඔතන තියෙන්නේ සිංහල මනුස්සයාගේ ප්‍රශ්ණයක් නෙවෙයි එතන මැනේජ්මන්ට් එකේ ප්‍රශ්ණයක් ... කීල්ස් එකට යන්නකො බලන්න අන් සුපර්මාකට වලට වඩා පාරිභෝගිකයාට හොඳින් සලකනවා.නෝලිමිට් ගත්තත් අනෙක් මුස්ලිම් රෙදි ව්යාපාර ගත්තත් එතන වැඩ කරන්නේ බොහෝ විට සිංහල මිනිසුන් නමුත් ඔවුන්ව හොඳින් පුහුණු කරලා තියෙනවා පාරිභොගිකයාට ප්‍රයෝජනය වෙන විදිහට.ඉතිං ඔතන ප්‍රශ්ණෙ තියෙන්නේ ජාතියේ නෙවෙයි ඒ මිනිසුව පුහුණු කරලා තියෙන විදිහේ.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. හැමෝම එහෙම නෑ , එහෙම හිටියොත් බැනලා හරි එනවා , පාරිභෝගියට හරියට සළකන්නැති සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් උන් අඩු වැඩි වශයෙන් හැම තැනම ඉන්නවා , ඒ ගොඩක් උන් හිතේ තියන් ඉන්න බොරු ලොකුකම හා සමාජ නූගත්කම. එහෙම කරපු ඔය තුන්ජාතියේ උන්ටම මම ඕනතරම් බැනලත් තියනවා , මුස්ලිම් උන් එක අතකින් දක්ශයි පාරිභෝගිකයාව අල්ලගන්න. ඒකයි ඔය කියන වෙනස තියෙන්නේ , මුස්ලිම් එකෙක් සිංහල කඩේකින් තේ ටිකක් බොනවා උඹ දැකලා තියෙනවද?දැක්කත් කලාතුරකින්, උන් එහෙමයි අපි මෙහෙමයි. කමතිනම් ඕන ලිමිට් එහෙකට යන්න පුලුවන්, නමුත් අපි කලයුත්තේ අපේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට අත දෙන එකයි

    ReplyDelete

  31. // මුස්ලිම් එකෙක් සිංහල කඩේකින් තේ ටිකක් බොනවා උඹ දැකලා තියෙනවද?//
    නෝම්බි අල්ලන කාලෙට ඔනි තරම් :D

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. හැම සිංහල වෙළෙන්දම මෙහෙම නෑ. ඒ වුනාට මුස්ලිම් වෙළෙන්දො බහුතරයක් ම හරිම ආචාරශීලීයි. ඒ අය දන්නව පාරිභෝගිකයන්ට සළකන්න. ඒකෙන් තමයි ඒ අය දියුණු වෙන්නෙ. මට පේන්නෙ, අපට වැදගත් නෑ වෙළෙන්දගෙ ජාතිය. වැදගත් එයා බිස්නස් කරන ආකල්පය විතරයි. සිංහල වුනත් මුස්ලිම් වුනත් දෙමළ හරි බර්ගර් හරි මොකක් හරි වුනත්, අපිව අන්දන්නෙ නැතුව, අපිට ඕනෙ දේ වැදගත් විදියට දෙනව නම් මම ඒ කඩේට යනව. ගොඩක්ම වෙලාවට මහාපරිමාණ කඩවල් වලට වඩා පොඩි වෙළෙන්දො මනුස්සකම් ඇතුව පාරිභෝගිකයන්ට සළකනව වගේම හොඳ අලෙවියෙන් පසු සේවාවකුත් දෙනව. මුස්ලිම් ව්‍යාපාරිකයො දියුණු වෙන එක ප්‍රශ්නයක් නම්, කරන්න තියෙන්නෙ ඒ අයට ගල් ගහන එක නෙවෙයි, හොඳ සේවාවක් සපයමින් හොඳ තරඟයක් දෙන එකයි.

    ReplyDelete
  34. අරුමයකි මා හටත් සිංහල, දෙමල, මුස්ලිම් යන සෑම වෙළෙන්දකු ගැනම විශාල අත්දැකීම් සම්භාරයක් ඇත. නමුත් ඔය කියන තරම් සිංහල ව්‍යාපාරිකයන්ගේ අඩු ලුහුඬු කමක් මා දැක නැත. සිංහල මිනිසුන් තරමක් ආඩම්භරකාරී බව සැබෑය නමුත් සිංහල මිනිසුන් වෙළදාමේදී දමිල හෝ මුස්ලිම් මිනිසුන්ට සාපේක්ෂව පාරිභෝගික සත්කාරයෙන් දුර්වලය යන මතය අප බහුතර සිංහලයන් අතරම මුල බැස ගත් බලවත් මිත්‍යා මතයක් ලෙස මා දකිමි. මිත්‍යා පූර්ව නිගමනයක සිට සිංහල වෙළෙදුන් ලෙස බලන කල්හි ඔබ ඔවුන්ව වෙළදාමේ අදක්ෂයින්ය යන ලේබලය මනසේ දරා සිටින බැවින් එය ඔවුන් මත කෙසේ හෝ අලවා දැමීමට පෙළබීම සාධාරණය.

    මුස්ලිම් වෙළෙන්දන් වෙළඳ සැලට ගොඩ වූ තැන් පටන් මහත් වූ ගරුසරුවක් පාරිභොගිකයා මත දක්වන බව පෙනුනත් මම අත්දැකීමෙන් හඳුනාගෙන ඇති පරිඳි එය ඔවුන්ගේ අවංක කම නොව සට කපටි අලෙවි උපක්‍රමයක් පමණි. මා එසේ කියන්නේ සිංහල සහ දමිල වෙළෙන්දන්ට සාපේක්ෂව මුස්ලිම් වෙළඳුන් මා රවටා ඇති වාර ගණන වැඩි බැවිනි. සිනා මුවින් අළෙවි කල බොහෝ භාණ්ඩ තත්වයෙන් ඉතා බාල බව අවබෝධ වී ඇති බැවිනි එමෙන්ම දෝෂ සහගත භාණ්ඩයක් මාරු කිරීමට ගිය කල්හි එය විකිණූ මුස්ලිම් වෙළෙන්දාගේ විකුණන විට තිබුණු ආචාරශීලීත්වය බොහෝ අවස්තාවලදී අතුරුදහන් වී තිබුණු බැවිනි.

    මම නම් දැන් යන්නේ සිංහල කඩ වලට විතරමය ඒ මුස්ලිම් වෙළෙන්දාගේ ව්‍යාජ හිනාවට වඩා සිංහල වෙළෙන්දාගේ අව්‍යාජ ආඩම්බරය මට වටිනා බැවිනි.

    මේ කරුණ සම්බන්ධයෙන් අප බොහෝ සිංහලයන්ගේ හද ගැස්ම හඳුනාගෙන ලිවූවක් යැයි පෙනෙන ලිපියක් මට විද්‍යුත් තැපෑල ඔස්සේ ලැබුනි. බහුතරයකගේ දෙනෙත් හැරවීම සඳහා එය මෙහි පළ කරමි.

    */එක මුසල්මානුවගෙන් පටන්ගෙන මුළු කෆීර් ටවුමක්ම අක්බාර් ටවුන් හරි දර්ගා ටවුන් හරි වෙනකන් ආ ගමන.

    ලෙබ්බෙලා කරන්නෙ හොඳට සින්හලයො රජ කරන ටවුමක් තෝර ගන්නව. ඊට පස්සෙ හිමීට කෆීර්ලට යාප්පු වෙලා, යාප්පු වෙලා වැඩි ගානක් ගෙවල හරි, කුළියට බද්දට කඩ කෑල්ලක් හොයා ගන්නව. එහෙම ගන්නේ…කෆීර්ලගෙන්මයි. ඊට පස්සෙ පවුලෙ උන්ව යවනව පලාතෙ කඩ ඔක්කොටම ඔත්තු බලල ගණන් හිලව් ටික දැන ගන්න. නැත්නම් තමන්ම යනව. ඊට පස්සෙ සාර්ථකම බිස්නස් මොනවද බලල දානව ඒ ජාතියෙන්ම කඩයක්. ඔක්කොම බඩු අර සාර්ථකම කඩේ බඩු වලට වඩා අඩුයි. වැඩිය නෙවෙයි, රුපියලයි, දෙකයි, ශත පනහයි වෙනස. කඩේ දොරකඩටත් ට්‍රැෆික් පොලිස් වගේ අත වන වනා කට කනේ තියන් අඬ ගහන ලෙබ්බෙ කෙනෙකුත් දානව කුළියට. උන්ට පුළුවන් මුළු දවසම උනත් ඒ රාජකාරිය එක ගැම්මට කරන්න.

    ඔන්න ඉතින් එනව ඔළ මොට්ටල බුඩිස්ට් පාරිභෝගිකය, හිනා වෙන මාරය එක්ක වුනත් හිනා වෙන්නනෙ උන් ඉගෙනගෙන තියෙන්නෙ. කිසි සැකයන් හිතන්න එපා. කෙලින්ම අපේ ලෙබ්බෙගෙ ගොදුරු තමයි. කඩේට ඇතුල් වෙච්ච වෙලේ ඉඳන් කොනකපාල සේවකයො ටික ඇඹලයො වගෙ වටේ කැරකෙනව, ප්‍රශ්ණ අහනව, පැනල දෙනව, එක විකාරයයි. බුඩිස්ට් පාරිභෝගිකය හිතනව අනේ මෙච්චර කාලයක් අපි කඩ වලට ගියා මෙහෙම සැලකිල්ලක් ලැබුණෙම නැහැනෙ. මුන්ගේ ගානත් ලාබයි. හෙටත් එන්න ඕනෙ කියල. ලෙබ්බෙ ඒ අස්සෙ හිතනව, අම්මප මේ හැත්ත ගූ බෙට්ටක් උඩින් ශත පණහක් තිබ්බොත් දිවෙන් ගනී. පොඩ්ඩක් හිනා වෙච්ච පළියට මෙහෙමත් අල්ලගන්න පුළුවන්ද? අල්ලාහු අක්බර්. අපි වැඩි කල් නොගිහින් අල්ලාට මේ රටම අල්ලල දෙනව කියල. අපේ කඩේට එන එක කෆීර් කෙනෙක්වවත් හිස් අතින් අරින් නැහැ. අපිට බිස්නස් නැති වුනා කියන්නෙ අල්ලා පරාදයි, ඒක නිසා අපි පාඩු විඳල හරි අල්ලා දිනවන්න ඕනෙ. බුඩිස්ට් බිස්නස් කාරයො වනසලම දාන්න ඕනෙ. එතකන් නොකා නොබී හරි අපි බිස්නස් කරනව. අන්න එහෙමයි අපේ ආගමික භක්තිය.

    මෙහෙම ටික කාලයක් යද්දි, බුඩිස්ට් කඩ එක දෙක වැටෙන්න ගන්නව. අපි ටක් ගාල සිකුරාදා පල්ලියෙදි ටිප් එක දෙනව තව ලෙබ්බෙලාට වහාම අල්ලගන්න ප්ලේස් එක කියල. හැරෙන තැපෑලෙන් කට්ටිය එතන. වැටෙන කෆීර් කඩ එක පේලියට අපි අල්ලගන්නව. අර සාර්ථකම බුඩිස්ට් බිස්නස් කාරයත් ඔන්න හන්ටර් වේගන එනව. එතකොට අපි තවත් මිළ අඩු කරනව. බුඩිස්ට් කස්ටමර්ස්ල අපිට පොර කනව, ආඩම්බර බුඩිස්ට් මුදලාලි වේලෙනව.

    වැඩි කල් යන්නෙ නැහැ, රෝල අතෙ පත්තු වෙලා මහා මුදලාලි බංකොලොත් වෙනව. ඌට උගේ කඩෙයි බඩුයි විකුණනව හැරෙන්න ගොඩ යාමක් ඇත්තෙම නැහැ. බැනර් ගහනව ෆෝ සේල් කියල. ඔන්න අපේ ආර්ම්භක ලෙබ්බෙ යනව ගොදුර ඩැහැ ගන්න. එදා පටන් එම ව්‍යාපාරය කලින් සිංහල නමින්ම තමයි යන්නෙ. හැබැයි ඒක මේ රටේ කෑල්ලක් නෙවෙයි. පොඩි අරාබි කෑල්ලක්. ඒ ලෙබ්බෙ තමයි මේ ටවුන් එකට මුළින්ම මුස්ලිම් පල්ලියකට මුල්ගල තියන්නෙත්. ඒ වෙනකොට අර මුදලාලි විතරක් නෙවෙයි මුළු ටවුමෙම සිංහල බුඩිස්ට්ල අත් හැරල ගිහිල්ලා. අපේ මුස්ලිම් උන්ගෙ ගඳ ඉවසන්න බැරුවයි, ජීවත් වෙන ක්‍රමේ බලා ඉන්න බැරුවයි තමයි ඒක වෙන්නෙ.

    ඊට පස්සෙ අපිට මුලින් රිංගද්දි තිබ්බ ටවුමෙ නමින් වැඩක් නැහැ. ඒව හරි කැතයි නේ. අපිට හරියන්නෙ අක්බාර් ටවුන්, දර්ගා ටවුන්, කුවේට් ඔය වගේ අරාබියට අදාල නම්. ටවුන් එකේ නමවත් අපි සිංහලෙන් ලියන්න දෙන්නෙ නැහැ. ටැමිල් හා අරාබි භාෂා පමණයි. නැගෙනහිර පලාතෙ රවුමක් ගියොත් බලා ගන්න පුළුවන්./*
    from elakiri.com

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. අපි සිංහල, අපි මුස්ලිම් වර්ජනය කරනවා කියල බොරුවට කෑගහල විතරක් වැඩක් නැහැ.
    බලන්න, දෙමල මනුස්සය තව දෙමල කෙනෙක්ට උදව් කරනවා , මුස්ලිම් උනත් එහෙමයි. උන්ගේ ජාතියේ උන්ට අදිනව.
    ඒත් මහා ලොකුවට සිංහල කියාගන්න අපි අපේ උන්ට කරන දේවල්... කොච්චර හූනියම් කරනවද අපේ උන් අපේම උන්ට?
    එකෙක් උඩට යනවා දැක්කම උට ඇත දෙනවා වෙනුවට අපේ උන් කරන්නේ උව ඇදල බිමට දාන එක... එහෙම කරලා නිකන් ඉන්නෙත් නැහැ.. උව පාගලම දානවා... අපි අපේ ආකල්ප වෙනස් කරගන්න ඕනේ, අපේ ළමයින්ට කියල දෙන්න ඕනේ අනිත් මිනිස්සුන්ට ගරු කරන්න, උදව් කරන්න. නැතුව nolimit යන උන්ට කුණු බිත්තර ගහල වැඩක් නැහැ...

    ReplyDelete
  37. කෙනෙක් තමන්ට වඩා දියුණු වෙනවට කවුරුත් ඉරිසියය්. මුස්ලිම් මිනිස්සු වෙළඳ ව්‍යාපාර කරන්න හොඳට දන්නවා. එකට ඉරිසියා කරලා වැඩක් නෑ!. සිංහල - බෞද්ධ යැය් කියාගන්න සමහරුන්ගේ සීතාම්බර සළුවට වැඳ වැටෙන අයත් ඇති, මමනම් කියන්නේ තොපි හෙළුවෙන් යකෝ අපිට විලිලජ්ජ කරන්නැතුව අතින්වත් වහගනින් පරය කියල!. තොපි හිතන්න එපා තොපි වගේ අපිත් හරක් කියල. බල්ලෝ !

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. දැන් NGO සල්ලි ටිකක් Acount එකට වැටෙයි....මධ්‍යස්ථ මතධාරීන් ගේ පැසසුමට ලක්වෙයි....අන්තිමට පුංචි පවුල රත්තරන් කොරලා ජාතියටම කෙලියි.....ඇත්තටම කිව්වොත් බටහිර සුදු අධිරාජ්‍ය කාරයො ලංකාව පාලනය කල කාලේ සිංහල පිරිමි මැරුවට වඩා සිංහල ගෑනු දූෂණය කරල තියනවා......ඒවායි අතුරු ප්‍රතිඵල තමා මේ

    ReplyDelete
  40. We need more people like you in this country.

    ReplyDelete
  41. සිංහල කඩවල් වලින් ගන්නෙ නැත්තන් අදින්න එපා, ගන්නවා නම් විතරක් චෙක් කරන්න දෙන්නම් වගෙ කිහිප වතාවක් අහගෙන තියෙනවා.. මුස්ලිම් කඩවල්වල උන් ඒක වදයක් විදිහට සලකන් නෑ, අපි ගත්තත් නැතත් උන්ම ඇදලා, ඉලෙක්ටික් අයිටම් නම් ඔන් කරලා බලන්න එහෙමත් දෙනවා.. සිංහල මිනිස්සුන්ගේ Attitude වෙනස් උන් නැත්තන් පිරිහීම වළක්වන්න බෑ

    ReplyDelete