Tuesday, August 28, 2012

නොදුටු ගුරුවරු


පිටිසර පාසලක සිට 5 වසර ශිෂ්‍යත්වය සමත් වී නගරයේ ලොකු කොලීජියකට පැමිණි කොළු ගැටයෙක්, පරිගණක විද්‍යාගාරයේ ලොකු පන්තිවල අයියලා ඉගෙන ගන්නවා බලා සිටියේ කවදා තමන්ට මේ වාසනාව උදා වේදැයි නොඉවසීමෙන්. කෙසේ වෙතත් පොඩි එකාගේ ආශාව මුදුන්පත් කරගැනීමට තවත් වසර ගණනාවක්ම ගත වුනා.
දැන් පීරියඩ් එකේ කොච්චර වෙලාවක් ගියාද..? ඒත් අනේ කොම්පියුටර් ටීචර් උගන්නන පාටක් නෑනේ...බලාගෙන හිටියා හරියන්නේ නෑ...ගියා ටීචර් ළඟට....ගිහින් කිව්ව අවනඩුව...
රවලා බලපු ගුරුතුමිය ප්ලැටිග්නම් පෑන් වලින් මොනවද සටහන් වගයක් ලියපු ෆයිල් කවර කිහිපයක් දුන්නා. 
මහත් සතුටටට පත් ශිෂ්‍යයාට ඒ ටික ඉවර කරන්න ගතවුනේ මිනිත්තු කිහිපයක් විතරයි...
ඒ කරලා වටපිට බලද්දි මෙන්න අනිත් යාළුවෝ වැඩ.
එකෙක් Keyboard එකේ අකුරු පිලිවෙලකට නෑ (QWERTY) කියලා පරණ කොම්පියුටරයක Keys ගලවලා ABCD පිළිවෙලට හදනවා. (ඒක පරණ ලොකු keyboard 1ක්. දෙපැත්තෙන් තද කලාම බට්න් 1 ගැලවිලා අතට එනවා.)
හොඳම වැඩේ එතන නොවෙයි. තව යාලුවෙක් Game 1ක් Play කරනවා. ඒ දවස්වල තිබුනේ DOS Games. අර මොකාටද ගිණි බෝල කවන සීන් 1ක්. තියෙන්නේ Arrow Keys වලින් ඌව එහේ මෙහේ යවන 1 විතරයි. හරිම ආතල් වැඩේ. Games වලට ආස නැත්තේ කවුද..? ඉතින් අපේ කතා නායකයත් වැඩේට සෙට් වුනා කියමුකෝ...
වැඩි වෙලාවක් ගියේ නෑ ආවෙ නැතෑ කොම්පියුටර් ටීචර් කඩාගෙන බිඳගෙන....
"තමුසෙලාට පුලුවන් ඔච්චරයි ඉතින්......." මොනවද මොනවදෝ කියලා අන්තිමට මෙහෙමත් කිවුවා.."තමුසෙලට කවදාවත් ඉගෙන ගන්න බැහැ. මැට්ටෝ. ආයෙ කවදාවත් අපිට පව් දෙන්න මේ පැත්තෙ නාවට කමක් නෑ....". කට්ටියම එළියට දැම්මා.
එදා ඉදල අපේ කතානායකයට විදුහලේ කොම්පියුටර් ලැබ් එක අධි ආරක්ෂිත කලාපයක් (ඇතුල්වීම තහනම්).
හැබැයි....දැන් කාලය මැවු වෙනසක අරුමේ....
අර මැට්ටෝ කියල එලියට දාපු අයගෙන් වැඩි දෙනෙක් පළවෙනි පාරම AAA දාලා මොරටුවේ ඉංජිනියරින් ගියා...
කණ්ඩායමේ ලොකුම 'මැට්ටා' කියලා එලියට දාපු අපේ කතානායකයා දැන් රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක්....

No comments:

Post a Comment